දැරියන්පිලිබද ජාත්‍යන්තර දිනය මොකක්ද මේ දිනේ වැදගත්කම විපරමට කාලයයි

දැරියන්පිලිබද ජාත්‍යන්තර දිනය මොකක්ද මේ දිනේ වැදගත්කම විපරමට කාලයයි.

world-girl-child-day
world girl child day

ලෝකයක ආලෝකය බදුවූ උතුම් මාතෘත්වයේ ලපටි බීජය බදු දියණියන් යනු වාසනාවේ සංකේතයකි . සෑම සමාජයකම කාන්තාව යන නාමය තුළදී පවා දැරිය පිළිබදව කතනයට බදුන් කරන්නේ දැරිය මලකට සමාන වන නිසාවෙන් නොවේද ? දැරිය දියණිය ,ගැහැණු ලමයා යන විවිධ පද ඔස්සේ නිර්වචනයට බදුන්කෙරේ . දැරිය යනු කෞරුන්ද දැරියන් පිළිබදව ජාත්‍යන්තර දිනයක් ඇති කලේ ඇයි සහ දැරියන්ට සමාජය තුළ ඇති වන හිංසාකාරි තත්ත්ව වලක්වන්නේ කෙසේද යම්තාක් දුරට අළු කඩෙන් වැසීගිය නෙත් විවර කොට බලමු .

දැරිය යනුවෙන් සලකන්නෙ සමස්ත යක් වශයෙන් ගත්කල විවාහ නොවූ සියලු ගැහැණු දරුවන්‍ ය . ගැහැණු දරුවා කී සැනින්ම දිවග ට වැටෙන එකම කරුණ නම් ජීවිතේම බයෙන් ඉන්න වෙන්නෙ කියන එක . ඒ තරමටම ගැහැණු දරුවෙකු ලැබීම දෙමා පියන්ට වගකීම් වැඩි වශයෙන් දරන්න වෙන කරුණක් . මෙලෙස බිහි වන ගැහැනු දරුවන්ට වන හිංසන තත්ත්ව අපචාර ආදී නොමිනිසත් කියා හරහා සිදුවන හානි වැලක්වීමේ අරමුණින් සාර්ක් සංවිධානය විසින් දැරියන් පිළිබදව ජාත්‍යන්තර දිනයක් වෙන්කර ඇති අතර එය සෑම වසරකම ඔක්තෝබර් 11 වනදින සමරයි . මෙහිදී ලොව පුරා ගැහැනු දරුවන් ඔවුන්ගේ ලිංග භේදය මත සිදුවන ස්ත්‍රී පුරුශ සමාජ අසමාන තාවය පිළිබදව දැනුවත් කරයි . එහිදී ගැහැනු දරුවෙකු ට හිමි අයිතිවාසිකම් , අද්‍යාපන අයිතීන් ඔවුන්ට වන හිංසන තත්ව සම්බන්දයෙන් කටයුතු කිරීම සිදුවේ

දැරියන් පිළිබදව ජාත්‍යන්තර දිනයක් ප්‍රකාශ කිරීම උදෙසා බලපෑ ඓතිහාසික කරුණු රැසකි . ඈත අතීතයේ ගැහැනු දරුවන් ඉපදීම අශුද්ධ වස්තුවක් ලෙස සැලකීම ඉන්දියාව වැනි රටවල් පෙලබී තිබුණි ඇතැම් රටවල් හී ගැහැනු දරුවන් වැදුම්ගෙය තුලදී ම මරා දැමීමට කටයුතු කරන ලදී ලෝකයේ සෑම රටකම ගැහැනු දරුවන් ට සිදු වන හිසන තත්තව වලින් වලක්වා ගැනීමේ අරමුණ මෙම දැරියන් පිළිබද ජාත්‍යන්තර දිනය ප්‍රකාශ වූවායැයි කිව හැක . එසේම
2011 දෙසැම්බර් 19 වන දින, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 66/170 යෝජනාව සම්මත කර, ගැහැණු ළමයින්ගේ අයිතිවාසිකම් සහ ලොව පුරා ගැහැණු ළමයින් මුහුණ දෙන අද්විතීය අභියෝග හඳුනා ගැනීම සඳහා ඔක්තෝබර් 11 ගැහැණු දරුවන්ගේ ජාත්‍යන්තර දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

ගැහැණු දරුවන් අඩු වයසින් විවාහ කර දීම , මෙහෙකාර සේවයට යොමු කිරීම , ලිංගික කියාකාරකම් වලට යොමු කර ගැනීම , ප්‍රචණ්ඩ පහර දීම් ආදී තත්ත්ව තුලින් දරුවෙකුට වන හානිය වලක් වා ගැනීම මෙම එක්සත් ජාතික සංවිදානය හරහා මෙම දිනය පිළිබදව මහජනතාව දැනුවත් කිරීම තුළින් අපේක්ශා කරන ලදී .

මෙලෙස දිනයක් ප්‍රකාශයට පත් කරද දැරියකගේ ජීවිතයට වන හිරිහැර වල අඩුවක් දක්නට නොලැබීම අභාග්‍යට කරුණක් නොවන්නේද . ශීලංකාවේ ගැහැනු දරුවන් හිංසනයට ලක් වීමේ ප්‍රවන තාවය ඉහල මට්ටමක පවති . ඇතැම් රටවල් වල 1.1 බිලියන ප්‍රමාණයක් දරුවන්ට හිංසන සිදුවන බව ට තොරතුරු ලැබී ඇත .
ගැහැනු දරුවන්ගේ ආරක්ෂාව උදෙසා ලංකාවේ රජය ගෙන ඇති නීතී කිහිපයක් පිළිබදව සැලකිලිමත් වෙමු .

1.1939 දී පනවන ලද ළමුන් හා තරුණයන් පිළිබදව ආඥා පනත

2. 1956 අංක 47 දරණ ස්ත්‍රීන්, තරුණ හා ළමුන්ගේ ශ්‍රමය ලබා ගැනීම වැලැක්වීම සදහා වන පනත

අනිසි ලෙස දරුවන් රැකියා සදහා යොදාගැනීම වරදකි

3.1995 අංක 22 දරණ දණ්ඩනීති සංග්‍රහය (සංශෝධන) පනත

*ළමයින් කෲර වධහිංසා වලට භාජනය කිරීම.

*ළමයින්ගේ අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීම.

*ලිංගික අපචාරයන් සදහා ළමුන් සැපයීම.

4.1998 අංක 27 දරණ අධිකරණ (සංශෝධන) පනත
වයස අවු 16ට අඩු ළමයකු දුෂණය කිරීම වරදක්

5.1998 අංක 29 දරණ දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත

හිගමනේ යෙදවීම / දූශණයට ලක් කිරිම

මීට අමතරම දැරියන්‍ට සිදුවන හිංසන වැලක්වීම සදහා ලමා ආරක්ශක දෙපාර්තුමෙන්තුවට ද දැනුවත් කිරීම් සිදු කර ඇත. එසේම 119 හදිසි ඇමතුම් ඒකකය හරහා දැරියන් සම්බන්ද හදිසි තත්ත්වය දැනුම් ශිය හැක

දියණියන් යනුපූදින මලක්ම වන්නේය . කිලිටි දෑත් වලට සිර නොවී එම දියනිවරුන්ට ස්වාදීනව ජීවත් වීමට මග පැදීමට මව්වරු පියවරු වශයෙන් පමණක් නොව සමාජ සමාජිකයෙකු ලෙසද ඔබගේ වගකීමකි නැතහොත් සේයා , ෆාතීමා වැනි ලපටි මල් මියයැම දිගින් දිගටම සිදු වීමඔබටත් මටත් නොවැලැක්විය හැකි වේවි

world girl child day

දිනූ සල්ගමුවගේ 

You may also like

Leave a Comment