ළමා දිනයේ වැදගත්කම – Importance of Children’s Day – 2022

ළමා දිනයේ වැදගත්කම

ලමා දිනයේ වැදගත්කම
ළමා දිනයේ වැදගත්කම – Importance of Children’s Day – 2022

මෙවර ලෝක ළමා දින තේමාව  දිරියෙන් පෙරමුණට යන්න ළමා කැලට සහය දෙන්න යන්නයි .එතරම් හරවත් තේමාවක් ඔස්සේ කතා බහට ලක්වන ළමා දිනය  පිළිබදව ඔබ වඩාත් හොදින් දැනුවත් ද ? අවබෝධයෙන් මෙවරත්  ඔබේ ළමයා ශිෂ්‍යයා සමග  එය සැමරිමට ලක්කරමු .  

දරුවන් යනු මේ ලොව ඇති වටිනාම සම්පත වේ . දරුවන් ගෙන් තොර වූ ලෝකය මහා වාලුකා තලයකට සමාන වන්නේය . එතරම්ම දරුවන් නොමැති සමාජය ජීවත් වීමට අසීරු පරිසරයක් වන්නේමය . මෙලෙස මල් කැකුළු වන් දරුවන් වෙනුවෙන් ඔවුන් සදහාම විශේශිත වූ දිනයක් වෙන් කර ඇති අතර  එය ලෝක ළමා දිනය ලෙස හදුන්වනු ලබයි

ලෝකළමා දිනය  විවිධ රටවල  විවිධ දින වකවානුවන් හිදී  සැමරිමකට ලක්කරනු ලබන අතර දරුවන් ගේ අයිත්වාසිකම් වෙනුවෙන් පෙනී සිටීම ට ප්‍රවර්ධනය  කිරීමට් හා සැමරිමට මෙන්ම දරුවන් සදහා වඩාත් යෝග්‍ය  සමාජයක් හා ඔවුන්ට හොද ලොවක් තනා දීමට ප්‍රවේශයක් ලබා ගන්නේ  මෙම ළමා දිබය තුළිනි . ලෝක ළමා දිනය විවිධ රටවල විවිධ කාල තුළදි   සැමරුමට ලක් කරත්   ලංකාවේ ලෝක,ලම දිනය  සමරනු ලබන්නේ  ඔක්තෝබර් 1 වන දින වේ .කෙසේ වෙතත් ලමයා යනු කවුරුන්දැයි නොදැන ලමා දිනය සැමරීම නිශ්පල  ක්‍රියාන්විතයකි . එබැවින් මූලික වශයෙන් ළමයා යනු කවුද ? ලමාදිනයේ ඉතිහාසය හා වැදගත් කම වර්තමානයෙ  ලමයින්ගෙ අයිතිවාසිකම් සම්බන්ධව ක්‍රියාත්මක වන නිතී පිළිබදවද සරලව හදුනා ගනිමු.

ලමයා  ලෙස සරලවම අර්තකතනය වන්නෙ  වයස අවුරුදු 18 අඩු දරුවන් වේ. එමෙන්ම සාහිත්‍යවිචාර අනුව ලමයා යනු විශ්වයේ ශේෂ්‍යඨතම නිර්මාණය වේ, එමෙන්ම මානව ශිෂ්ඨාචාරයේ  තීරණාත්මක සාධකය ළමයා ලෙස දක්වා තිබේ .කෙසේ නමුත් 1989 නොවැම්බර්  20 වන දින  එක්සත් ජාත්න්ගේ මහා මණ්ඩලය විසින්  අනුමත කරගන්නා ලද  ළමා අයිතිවාසිකම් ප්‍රතිපත්තියට අනුව ළමයා යනු කවුරදැයි යන පැනයට වඩාත් යෝග්‍ය අර්තකතනයක් ලබා දී ඇත  ඔවුන්ට අනුව ” නීතිය මගින් අඩු වයසකදී පූර්ණත්වය ලබන්නම් මිස වයස අ වු 18 අඩු සියලු මිනිසුන් ළමුන් වන බවය ”  

මෙලෙසින් හදුනා ගත හැකී ළමයා වෙනුවෙන් නිර්මාණය වී ඇති දිනය ලෝක ලමා දිනය ලෙස අර්තකතනයට යොමු විය හැකි අතර අප දැන්  ලෝකලමා දිනයේ ඉතිහාසය දෙසට යම් තාක් දුරට විපරම් කර බලමු .

ලෝක ලමා දිනය ප්‍රතම වරට ප්‍රකාශයට පත්වූයේ 1925 දී  ජිනීවා හී පැවති සුබ සාධන  පිළිබද ලෝක සමුළුව දිනයේදිය .1950 සිට එය  බොහෝදුරට කොමියුනිස්ට්  හා පශ්චාත් කොමියුනිස්ට්  රටවල   සැමරුමට ලක්කරන ලද්දේ ජුනි 1 වන දිනය .  ලමා දිනය පළමු වරට විශ්ව ලමා දිනය  ලෙස 1954 දී ආරම්භා කරන ලද අතර එය පසුව 1959 නොවැම්බර් 20 වන දින  සැමරීමට තීරණය කෙරුණු අතර ඊට හේතුව වූයේ එක්සත් ජාතින්ගේ මහා  මණ්ඩලයේ සැමරුම් දිනය එදිනට පවතින නිසාවෙනි .කෙසේ නමුත් එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය හරහා ලමුන්ගේ ආරක්ශාව හා ලමා අයුතිවාසිකම් සම්බන්දව  පිළිබදව ක්‍රියාකාරිව පවති . 

ලෝකලමා දිනයේ වැදගත්කම දෙසට අවධානය යොමු කරන විට  එය  බොහෝ දේ අරමුණු කරගනිමින් සමරනු ලබයි .ඒ අතරින් කිහිපයක් ලෙස  ලමුන්ට සිදුවන හිංසන වැලක්වීම හා ලමුන්ට වන අපචාර වලින් ඔවුන් ආරක්ශා කිරිම හා ලමා අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කිරීම උදෙසා මෙම දිනය  තුළදී වැඩි අවදානය යොමු කරයි , එමෙන්ම  දරුවන් සියලු දෙනාටම විවේකි බවක් ලබා දීම හා ඔවුන්ටද යම් කිසි සමාජ භාවයක් ඇති කිරීම හා සමාජ මට්ටමින් දරුවන් උතුම් සහ වටිනාකමින් අනූන යැයි ප්‍රකට කරවීම උදෙසා මෙම ලමා දිනය කටයුතු කරයි මෙලෙසින් ලමා දිනය වැදගත් වන අතර ලෝකයේ විවිදරටවල විවිද ආකාරයේන් මෙය සමරයි ලංකාව තුළදීනම්   පාසල් ලමුන් උදෙසා විවිද  වැඩසටහන්  විනෝද ක්‍රියාකාරම් මේ දිබයේදි සිදුකර ත්‍යාග ලබා දීම කරයි.

කෙසේ නමුත් ලමා දිනය තුළ ගැබ්ව ඇති යටි අරුත වන්නේ දරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධවපෙනී සිටීමට රටක් වශයෙන් බැදී ඇති බව ඇගවිමකි. 

   ඔබගේ දරුවන් ඔබට මල් කැකුළු වන්නෙය .ඔබගේ මුලු ජීවිතයම ඔවුන්වේ . එබැවින් ළමුන් පළමු තැන තබන රටක් වන ලංකා තුළ දරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්දව දැඩ් නීති රීති ක්‍රියාත්මක කරයි . අප දැන් අප රටේ  ලම අයිතිවාසිකම් සම්බන්ද නීති කිහිපයක්  හදුනාගනිමු 

අංක 1939 ළමුන් හා තරුණයන් පිළිබද පනත 

1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත 

( ලමා අපචාර සම්බන්දව ක්‍රියාත්මක වේ)

1998අංක 27 දරණ  අදිකරන පනත 

(16  අඩු ලමයෙකු දූශණය කිරීම හා සම්බන්ද නඩු )

අංක 50 දරණ ළමා ආරක්ෂක පනත  

ලමා ආරක්ශාව පිළිබදව 

මෙලෙස බොහෝ නීති පද්දතියක් ලමා අයිතින් වෙනුවෙන් පවතී. මෙලෙසින් ලෝක  ලමා දිනය පිළිබද යන් තාක් දුරට  අවබෝදයක්  ඔබට ලැබෙන්නට ඇත . 

එසේනම්  මෙවර ලෝක ලමා දිනය පොඩ්ඩන්ගේ  සිත් සතුටින් උතුරන , ආදරණිය දිනයක් වෙන්න පතන්නම් 

දිනූ සල්ගමුවගේ 

කැලණිය විශ්වවිද්‍යාලය

ළමා දිනයේ වැදගත්කම – Importance of Children’s Day.

#ළමාදිනයේවැදගත්කම #ImportanceofChildren’sDay.

දිනූ සල්ගමුවගේ 

You may also like

Leave a Comment