ලෝක වැඩිහිටි දිනය
අද දින එනම් ඔක්තෝම්බර් 1 වෙනි දින ලෝක වැඩිහිටි දිනය සැමරේ.1982 දී වියානාහි දී පැවති ලෝක වැඩිහිටියන් පිළිබඳ මහ සමුළුවේ තීරණයක් අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය 1990 දෙසැම්බර් 14 දින ලෝක වැඩිහිටිදිනය ලෙස ඔක්තෝම්බර් 01 දින නම් කරන ලදී.ඒ වගේම අද දින ලෝක ළමා දින සැමරුමද යෙදී තිබේ.කතාවක් තියෙනවා ,වයසට යනකොට ආපහු එයාල ළමයි වගේ කියලා.ඒ වගේම තමා ලංකාව වගේ රටවල තම දරුවන් වැඩට ගොස් එනවිට මුණුබුරන්ව බලා ගන්නේ ගෙදර ඉන්න ආච්චියි සීයයි.ඉතින් දිනය වගේම ආච්චිල සීයල , මුණුබුරු මිණිබිරියන් ගොඩක් සමීපයි.
අහල තියෙනවාද වැඩිහිටි නීතිය ගැන.ඒ තුළ ප්‍රෙභ්ද 3ක් තියෙනවා.එනම්
1. ඉඩමි කඩමි සැලසුම් සහ පරිපාලන බදු ප්රශණද ඇතුළුව
2. ඉඩකඩම් සැලසුම් සහ පරිපාලන බදු ප්‍රශ්ණ ද ඇතුළුව
3. වෛද්‍යාධාර, අබලතාව සහ දිගුකාලීන රැකබලා ගැනීම හා භාරකාරත්වය, සංරක්ෂණ සහ වගකීම් සහ විශවාසවනත කමයි
තවද මීට අමතර ව ඉඩකඩම් සැලසුම් කිරීම, අන්තිම කැමති පත්‍ර, භාර, භාරකාරත්වය, වැඩිහිටි අපවාදයෙන් ආරක්ෂා කිරීම, නොසැලකීම සහ රැවටීම, ජීවිතාන්ත සැලසුම්, සියලුම ආකාරයේ අබලතාවයන් සහ වෛද්‍යය පහසුකම්, විශ්‍රාමික සැලසුම්, සමාජ අරක්ෂණ ප්රතිලාභ, වෛද්‍යාධාර ආවරණ, වෛද්‍යාධාර සැලසුම්, (එක්සත් ජනපදයේ නම්) පාරිභෝගික ආරක්ෂණය, සාත්තු නිවාස, නිවෙස් තුල රැකබලා ගැනීම, ඇටර්නි බලය, විශේ’ෂඥ හෝ වෛද්‍යය උපදෙස් සැලකිල්ල, ප්‍රකාශන සහ ඇටර්නි බලය, ගෙවල් හිමි/කුලී නිවැසි අවශ්‍යයතා, නිශ්චල දේපළ, උකස් ආධාර, විවිධ මට්ටමේ උපදෙස්, අයිතිවාසිකම් පිළිබඳ උපදෙස් ලබා දීම සහ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම, බදු ගෙවීම්, වෙනස්කම් සැලකීම වැනි ක්ෂේත්‍ර වැඩිහිටි නීතියට ඇතුළත් වේ.
ඉහත කරුණු අනුව වර්ථමානයේදී වැඩිහිටි හෝ ළමුන් හෝ වෙත කරන්නා වූ දින සැමරුම් ප්‍රායෝගික ද යන්න සලකා බැලිය යුතු වේ.ඇත්තටම අප මෙවැනි දිව සැමරුම කළ යුත්තේ රසකැවිලි දෙමින් සාකච්චා හෝ සම්මන්තුණ හෝ උත්සව හෝ සංවිධානය කරමින්ද යන්න නුවණින් සලකා බැලිය යුතුව ඇත.සෑම අවුරුද්දත්ම මෙවැනි දිව සැමරුම් පැමිණේ.ඒවා මුදල් වියදම් කර පාඨක ලියා අභිමාණවත්ව සමරන ලද බවට සාක්ෂිත් ඇත.නමුත් ප්‍රශ්න තාම එතනය.පාරවල් අයිනේ වැඩිහිටියන් දමා ගොසින්ය, සමහරුන්ට කන්න ටිකක් දෙන්නේ නැතුව කාමරය තුළ මියගොසින්ය,එක්කෝ කපා කොටා මරා දමා ඇත.දිනෙන් දින අහන්නට ඇත්තේ ඇසිය නොහැකි සිද්ධීන් වේ.විෂය භාර නිළධාරීන් සිටිනවා නම් ඇයි මේ අය මහ පාරේ.අනාථ නිවාස කරා සොයා බලා යොමු කළ නොහැකිද යන්න ද ප්රශ්නයකි.
බොහෝ වෙලාවට නගරයට ගිහාම යන්න නැතුව අසරණ වෙලා පාරට වැටුන අම්මලා තාත්තලා එක්ක මම කතා කරනවා.මේ එක් සිද්ධියක් පමණි.අම්මා මා සමඟ අවසාන වත්වට කීවේ කන්න අදින්න් දුන්නේ නැතත් දරු මුණුපුරන් එක්ක ඉන්න ආසයි කියලා.පොඩි කාලේ අපි අපේ අම්මලා තාත්තලා ගෙදර එනතන් ආසාවෙන් නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා.තවත් කාලෙකදී අපි පාසල් ඇරිලා එනකම්/රැකියාවට ගිහින් එනකම් එයාල බලන් ඉනන්වා.අපෙ දරුවොත් අපි එනකන් ඊටත් පස්සේ කාලකදී බලන් ඉන්නවා.අපි වයස් මට්ටම් කොහොම වුනත් හැගීම එකයි.ඒක චක්‍රයක් වගේ අපි වටා එකම විදිහට කැරකෙනවා. එහෙනම් අපි තවත් අම්මෙක් තාත්තෙක් අසරණ නොවන්නට වග බලා ගමු.ඒක අපේ යුතුකමක්.එයයි මේ 2022 ඔක්තෝමබර් 1වෙනි දින පැතුම.
සුබ වැඩිහිටි දිනයක් අම්මේ!! තාත්තේ!! ආදරෙයි හැමදාම පවුරේ අපි.
සටහන හා සාකච්චාව – ක්‍රිෂාන්ති රත්නායක
ලෝක වැඩිහිටි දිනය- International Day For older Persons
#ලෝකවැඩිහිටිදිනය.