ලෝක ආහාර දිනය
අද දින වන ඔක්තෝම්බර් 16 වන දිනට යෙදී තිබේ. මෙම දිනය 1979 දී එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.
වර්ථමානය වන විට සමස්ථ ලෝකයම ආහාර අර්බුදය ගැන වැඩි වශයෙන් කතා බහට ලක් කෙරේ. 2006 වසරෙන් ආරම්භව, 2007 වසර පුරාත්, 2008 වසර මුල් මාස කිහිපයෙහිත් ලෝක ආර්ථිකය, ආහාර අර්බුදයකට (2007–2008 world food price crisis) මුහුණපා සිටි. ඌන සංවර්ධිත, සංවර්ධනය වෙමින් පවත්නා හා සංවර්ධිත රටවල් වල සිදු වූ සහ සිදුවෙමින් පවත්නා ආහාර මිල ගණන් වල සීඝ්‍ර ලෙස ඉහළ යාම වර්ථමානයේ දක්නට ඇති ප්‍රවනතාවකි. ආහාර මිල ගණන් වල සීඝ්‍ර ඉහළ යාම, ප්‍රමාණවත් ආදායම් හා ආහාර නොලබන ලෝක ජනගහණයෙන් 1/6 ක් (මිලියන 854) පමණ වන දිළිඳු ජන කොටස තවදුරටත් දරිද්‍රතාවයට ඇද දැමීමට හේතු වේ.
- ඉහළ යන ආහාර මිල ගණන් හමුවේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජන කොටස් ආගාධයට වැටේ.
- මන්ද පෝෂණය දිගින් දිගටම පැතිර යාමටත් විශේෂයෙන් ළමුන්ගේ පැවැත්ම සහ වර්ධනය අවධානමට ලක් කිරීමටත් හේතු වී ඇත.
- මන්දපෝෂණය නිසා සෞඛ්‍ය ගැටළු ඇති වේ.
- බුද්ධි මට්ටම පහත වැටීමට සෘජුවම හේතු වේ.
- සෞඛ්‍ය වියදම් ඉහළ යාම.
- වැඩදායී මානව සම්පත දුබලව කෘෂව යාම.
- දේශපාලන කලකෝලාහල සහ රට අස්ථාවරතාවයට පත්වීම.
- දරිද්‍රතාව නිසා වැරදි වීවන මාර්ග ඇති වීම.උදාහරණ ලෙස මත්ද්‍රව්‍ය,සොරකම්,ගණිකා වෘත්තිය
ඉන්දියාවේ මුතු ඇටය ලෙස විරුදාවලිය ලත්, පෙරදිග ධාන්‍යාගාරය ලෙස නම් කර ඇති , කෘෂිකාර්මාන්තය ජීවනෝපාය කර ගත් ශ්‍රී ලංකාවද ආහාර මිල වැඩි වීමේ තත්වයකට මුහුණ පාමින් සිටියි. එවන් වූ සංස්කෘතියකට උරුමකම් කියූ අපි අද නාස්තිකාර ජාතියක් බවට පත්ව සිටිමු.ඒ සඳහා හේතු වූ කරුණු ලෙස
- දේශීය කෘෂි බීජ නොමැති කම හා විදේශ රටවලින් බීජ ආනයනය
- පොහොර විදේශය රට වලින් ආනයනය කිරීම
- කුඹුරු ගොඩ කිරීම නිසා සහල් නිෂ්පාදනය අඩු වී පිට රටින් සහල් ආනයනය
- පළිබෝධ නාශක පිට රටින් ආනයනය කිරීම.
- අතීතයේ පැවති සමෝධාන ගොවිපල ක්‍රමය නිවෙස් වල නොමැති කම.
- කෘෂි කර්මාන්තය හා සත්ත්ව පාලනයට තරුණ තරුණියන්ගේ අකමැත්ත.
- ඉඩ කඩ සීමා සහිත වීම
- පිටි කෑම, ක්ෂණික කෑම සඳහා හුරු වීම
- දේශීය ගුණ සපිරි ඖෂධීය කෑම වලින් ඈත් වීම හා ඒ වර්ග හිඟ වීම
- පොල් ආනයනය – අතීතයේදී පොල් ත්‍රිකෝණය ලෙස කොළඹ කුරුණෑගල හලාවත නම් දරා ඇත. මේ නගරවලට අමතරව ලංකාවේ ඕනෑම තැනක පොල් වගා කළ හැකිය. එසේ වූ පොල් නිෂ්පාදනය ද පොල් වගා බිම් අඩු වීමෙන් මේ වන විට අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇත.
- ආහාර සුරක්ෂිතතාව නොමැතිකම- ආහාර නිෂ්පාදන කාලයේදී සිය පරිභෝජනය සඳහා තම තමන් ආහාර නිෂ්පාදනය කරගත් අතර අතිරික්ත ආහාර කල්තැබීමේ ක්‍රම මගින් පසු ප්‍රයෝජනයට ගැනීමට කටයුතු කළහ. මස්, මාළු වේළා ගැනීමෙන්ද, තල, කුරහන්, මෙනේරි, ඉරිඟු ආදී දේ වියළා තබා ගැනීමෙන්ද දෙහි ලුණු දැමීමෙන්ද කොස් අටුකොස් දැමීමෙන්ද කොස් ඇට වැලියට දැමීමෙන්ද ආදී ලෙසින් ආහාර හිඟ කාලයට ප්‍රයෝජනයට ගැනීම සඳහා කටයුතු කළහ.
- කෘෂි නිෂ්පාදන ආනයනය සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 200ක් පමණ වැය කරන අතර එහි මූල්‍යමය පීඩාවන් පාරිභෝගිකයා මත පටවා ඇත. එහිදී ද විශාල මුදලක් ගෙවා මිලදී ගන්නා ආහාර ද්‍රව්‍ය එක්තරා පිරිසකට සීමාවන අතර රටේ සමබර ආහාර වේලක් ගත නොහැකිව කුසගින්නේ සිටින්නෝ බොහෝ වෙති.
මෙහි ඇති ඛේදවාචකය වන්නේ එසේ මිලදී ගන්නා ආහාරවලින් වැඩි කොටසක් අපතේ යැවීමය.
- නාගරික කුණු කසළවලින් සියයට 90ට වඩා වැඩි කොටසක් ආහාර බව සමීක්ෂණවලින් හෙළිවී ඇත.
- පන්සල් වල කිරි අහරගෙනත් බාස්කට් වලට කී දෙනෙක් දමනවාද
- උත්සව අවස්තාවත ආහාර කොතෙකුත් අපතේ යනවාද
- හෝටල් වල දවසකට කුණු බැරල් කීයක් ආහාර වලින් පිරෙනවාද
- රෝහල් වල දෛනිකව අපතේ යන ආහාර
- ඔෙබ් නිවසේ කුණු බාල්දියට යන ආහාර ප්‍රමාණය
මේ හැමදේම දෛනිකව තම පුදේශය පුරා ,පළාත පුරා,ලෝකය පුරා ලෙස ගණන් බැලුවොත් ඒය පරිබෝජනයට ගන්නා ප්‍රමාණය මෙන් කිහිප ගුණයක් විය හැකිය. පසුගිය දිනෙක තෙල් නැවක ප්‍රමාදය නිසා ඇතිවූ අපහසුතා ඔබට මතක ඇතැයි සිතමි. එසේම මතු දිනක ආනයන ආහාර මත පදනම් වූ ආර්ථිකය අර්බුදයකට ලක්වුවහොත් ඔබ ගන්නා ක්‍රියාමාර්ගය කුමක් විය හැකිද? සැබැවින්ම ආහාර අර්බුදයක් ඇතිවූවා යනු මිනිසා කුසගින්නේ සිටීමය.
ඒසේ නම් අප කළ යුත්තේ අපි අපිව හික්මවා ගෙන අරපරිස්සමෙන් අපේ දේ රැකගෙන තමන්ට අවශ්‍ය එළවළු අපට පුලුවන් ඉඩෙහි වගා කර ගැනීමයි.දේශීය බව බෝග ආරක්ෂා කර ගැනීමයි.අතීතයේ කරා මෙන් පොහොර හා පළිබෝධ නාශක අපට හිතකර ලෙස නිෂ්පාදනය කිරීමයි.ආනයනය වෙනුවට අතිරික්ත බෝවබෝග අපනයන ක්‍රියාවලියක් කරා යොමු කිරීමයි.
1979 සිට ලෝකයක් අවුරුදු 43 පුරාවට ආහාර දිනය සමරද්දී , අද වන විට ආහාර හිඟයක් ඇති විය යුතුද යන්නද හිතිය යුතු කරුණකි. තවද ආහාර හිඟයමද නැතහොත් ආහාර මිල ඉහළ යාමද මෙම අර්බුදයට හේතුව , ඉතින් අපි අද දින සිට වෙනස් විදිහට හිතන්න ගමු.
#WorldFoodDay #ලෝකආහාරදිනය