ලෙංගතුව සිනා සෙන්න…
අධිවේගී ගමනක යෙදෙන බහුතරයක් සතුට , ආදරය , ජීවිතය අවබෝධ කරගෙන තිබේ ද යන්න උභතෝකෝටිකයකි.
යුතුකම් , වගකීම් යන්නෙහි සිර වූ ජීවිතයේ ලැබිය යුතු දේ මොනවා ද ?
ලබා ගත යුතු දේ මොනවාද ?
විඳිය යුත්තේ මොනවාද ?
බොහෝ විට ඒ පිළිබඳ අපට නිසි අදහසක් නැත.එදිනෙදා මූලික අරමුණු වලට සීමා වූ තැන ජීවිතේ එක් පැතිකඩක් නොදැනුවත්වම අපෙන් මඟ හැරෙනු ඇත.
කාර්යබහුල ජීවන රටාව තුළ මූලික අරමුණු පමණක් නොව ඉන් එහා විඳීමට යමක් වේද ? සෙවිය යුතුය.
දෛනික ජීවිතයේ ගැටළු තුළ මානසික පීඩනය කළකිරීමට විසඳුම අප තුළම අපට සොයා ගත හැක.තමන්ට තමන් වෙනුවෙන් විරාමයක් අවශ්‍යයි.ඔබ තුළ ඔබ සොයා ගත යුතුය.
දවස ආරම්භයේම දෛනික අපේක්ෂා රාමුව තුළ තමා යනු සිර වූ ජීවියෙකි. ඉන් ඔබ්බට ගොස් යමක් වේද ? සංගීත රටාවකට මිනිත්තුවක් සවන් දෙන්න. ලෝකයම ලියවුණ පොතක පිටුවක් පෙරලන්න. ගහ කොළ සුළඟ මොහොතකට විදින්න. තමන්ට ලැබෙන මිනිත්තු කිහිපය සතුට , ආදරය සොයන්න ප්‍රමාණවත් ය. අරමුණු අපේක්ෂා ඉටු කර ගනිමින් ඉන් ඔබ්බට ඔබට කොතෙක් දුර යා හැකි ද ? සිතිය යුත්තේ එයයි …
ඔබ ඔබත් සමඟ සිනාසෙන්න ඔබ අනෙකා සමඟ සිනාසෙනෙන්න . අනෙකාගේ මුවට සිනහවක් ගේන්නට ඔබට හැකි වනු ඇත.සිනහව පීඩනීය හදවතට සුළු වශයෙන් හෝ සැනසීමක් උදා කරනු ඇත. සිනහව ක්‍රමයෙන් කතාවට පෙරළෙමින් කතාව ලෙංගතු ඇසුරකට මුල පුරනු ඇත.ක්‍රමයෙන් අප එකිනෙකා හඳුනා ගනිමින් සමීප වෙයි.
මිනිසෙකුට ජීවිතේ අවැසිම සවන්දීමයි.සවන් දෙන්නා තේරුම් ගන්නෙක් විය යුතුය.තේරුම් ගැනීමට හඳුනා ගත යුතුය. ජීවිතයේ කොටුවක් තුළට සීමා නොකර පැතුරුණු ගමනක යෙදෙන්න .නේක විධ රූප රාමු ඔබේ දෑසට හමු වනු ඇත. ඔවුන් ව දෑසින් ග්‍රහණයට කරන්න. බුද්ධියෙන් විමසීම් කරන්න. හදවතින් වැළඳගන්න. සිනහවෙන් සංග්‍රහ කරන්න . පෙරලා ලැබෙන සිනහව භාරගන්න. එවිට ඔබ ආදරණීය හදවතක හිමිකරුවෙක් වනු ඇත . තප්පරයකට හෝ ලෙංගතු සිනහවක් ඔබ පීඩනයකින් මුදවනු ඇත.
පැතුරුණු මනුස්සකම් , ආදරය ඔබ වැටෙන තැනක දී ශක්තිමත්ව නැගී සිටීමට රුකුලක් වනු ඇත.
#ලෙංගතුවසිනාසෙන්න… #pawura