ආයුර්වේදය, ඔබව සාර්ථක ව්‍යවසායකයකු කරමින් සුවපත් දිවියක් කරා ලගා කරවයි.

by W.G.S. තරුෂිකා

ආයුර්වේදය, ඔබව සාර්ථක ව්‍යවසායකයකු කරමින් සුවපත් දිවියක් කරා ලගා කරවයි.

ලොව ඇති උතුම්ම ලාභය නිරෝගීකමයි.

පුද්ගලයකු රෝගී වනවාට වඩා නීරෝගී බව ආරක්ෂා කර ගැනීම එම පුද්ගලයාට ආයුෂය වඩවා ගැනීමට හේතුවක් වෙයි.

ආයුර්වේදයේ නිර්මාතෘ ලෙස සැලකෙන ධන්වන්තරී මහා සෘෂි වරයා විසින් දක්වා ඇති පරිදි ආයුර්වේදය යනු, 

           ආයුෂෝ + වේද :  

                    ලෙස , එනම් ආයුෂය පිළිබඳ විද්‍යාව ලෙස දක්වා ඇත.

ආයුර්වේදය තුලින්, 

 ” ප්‍රයෝජනං චාස්‍ය ස්වස්ථස්‍ය ස්වස්ථ රක්ෂණම් ආතුරස්‍ය විකාර ප්‍රශමනංච “

එනම්,

 1. නීරෝගී පුද්ගලයාගේ නීරෝගී බව ආරක්ෂා කරගැනීම.

 2. රෝගී පුද්ගලයා සුවපත් කර ගැනීම. 

   යන මූලික අරමුණු බලාපොරොත්තු වෙයි. 

කිසියම් පුද්ගලයකු නීරෝගී යැයි හදුන්වා දීමට නම් ඔහුගේ,

  දෝෂ, ධාතු, මල සමව පවත්වා ගැනීමත් මනස හා ඉන්ද්‍රිය ප්‍රසන්න ලෙස පවත්වා ගැනීමත් අනිවාර්ය කරුණු වේ.

පුද්ගලයකු රෝගී වූ විට ප්‍රතිකාර වලට යොමුවනවාට වඩා එය වළක්වාගත හැකි නම් කෙතරම් අගනේද? මෙය කළ හැක්කේ ඔබටම පමනි.

වර්තමාන ලංකාවේ මරණ වලින් 75% ක ම හේතුව වන්නේ බෝ නොවන රෝගයි. මෙයට ප්‍රධාන කාරණය වන්නේ මිනිසා අපගේ සාම්ප්‍රදායික දේශීය ආහාර රටාවෙන් ඈත් වී අධික ලෙස වස විෂ ආහාර භාවිත කිරීමත් වැරදි විහරණ සහ අතෘප්තිකර මානසිකත්වය හේතුවෙන් ඇති වන මානසික ආතතියයි.

මෙවැනි වූ රෝග සමූහයක් අතුරින් වර්තමානයේ බහුලව දක්නට ලැබෙන රෝගී අවස්තාවක් සලකා බලමු.

🟢උදෑසන අවදි වූ පසු විලුඹ බිම තබා ඇවිදීමේ අපහසුවක් ඔබටත් තිබේද? 

🔸 විලුඹට කිසිදු බාහිර අනතුරක් සිදු නොවුනද, ගුල්ප සන්ධියේ (Ankle joint) ඇති වන තීව්‍ර වේදනාවක්, ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී ” වාත කණ්ඨ ” ලෙස දක්වා ඇත.

🔸 මෙම රෝගී තත්වයේදී රෝගියා ලක්වන ප්‍රධානතම පීඩාව උදෑසන අවදි වූ පසු විලුඹ බිම තබා ඇවිදීමට අපහසු තරම් අධික වේදනාවක් ඇති වීමයි. රුජාකර මර්මයක් පීඩා වීම මෙම අධික වේදනාවට හේතු වෙයි.

සුළු වෙලාවකට පසුව පියවර කිහිපයක් තබා ඇවිදින විට වේදනාව තාවකාලිකව පහව ගියද, කාලයත් සමග මෙය මුළු දිනය පුරාම පවතින වේදනාවක් සහ ඉදිමුමක් (ශෝථයක්) බවට පත් වී රෝගියාව පීඩාවට පත් කරයි.

🔸 මෙම රෝගී තත්වයේදී රෝගියාට දැනෙනුයේ විලුඹ බිම තබන විට කටුවකින් අනින්නාක් බදු වේදනාවකි.

🔸 මෙම රෝගී තත්වය / පීඩාව ඇති වීමට නිදාන කාරණා ලෙස ආයුර්වේදයේ දක්වා තිබෙන්නේ,

  1. ගොඩැලි සහිත , බොරළු සහිත (විෂම වූ) බිමක නිතර ඇවිදීම.

 2. පාදය සමබරව තබා නොගෙන (විෂමව තබාගෙන) නිතර නිතර ඇවිදීම.

 3.ගුල්ප සන්ධියක නිරතුරුවම ඇති වන අධික පීඩාව.( පළදින පාවහන් නිසා)

🔸මීට අමතරව මෙම රෝගී තත්වය ඇති වීමට අවධානම් සාධක ලෙස,

 1.දියවැඩියාව 

 2.අධි රුධිර පීඩනය

 3.තරබාරුකම

 4.අඩි උස පාවහන් නිතර පැලදීම

 5.වයස්ගත වීම සමග ගුල්ප සන්ධිය ආශ්‍රිතව නම්‍යතාව (Plantar fascia flexibility ) අඩු වීම හා ගුල්ප සන්ධිය ආශ්‍රිතව මේද පටක (Heel protective fat pad) අඩු වීම.

 6.පාදය අධික පීඩාවට පත්වන ව්‍යායාම වල යෙදීම.

 7.වැඩිපුර වෙලාවක් සිටගෙන සිටීම.

 8.පාද වල වක්‍රතාවය අඩු වීම හෝ වැඩි වීම. ( flat foot or high arches)

    ආදී කාරණා දැක්විය හැකිය.

🔸 මෙවැනි හේතූන් නිසා ගුල්ප සන්ධිය පීඩාවට පත් වී යටිපතුලේ කලිකාව හෙවත් Plantar fascia  ප්‍රදාහයට පත් වීම සිදු වේ.

🔸 මෙම සියලුම කාරණා වලට අමතරව, ශරීර අභ්‍යන්තරයේ අයන අසමතුලිතතාවය නිසා විලුඹ අස්ථියේ කැල්සියම් තැම්පත් වීම නිසා ඇතිවන අස්ථිභවනය වූ නෙරුම් ( Heel spur) , ආදියද මෙම විලුඹ ආශ්‍රිත වේදනා වලට හේතු වෙයි.

🔸නිතරම පිරිසිදු ජලය පානය කිරීම මෙම රෝගී තත්වය ඇති වීම වළක්වා ගැනීමට කල හැකි පහසුම ක්‍රමයයි.

🔸 ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මේ සදහා විශේෂිත සාර්තක ප්‍රතිකාර ක්‍රම ලෙස,

     * ස්වේද කරම (ඉශ්ඨික ස්වේදය)

     *ස්නේහ කර්ම

     *විරේචක කර්ම

     *රක්තමෝක්ශන 

     *අග්නි කර්ම( දග්ධ කරම)

        ආදී ප්‍රතිකාර ක්‍රම රාශියක් පවතී.

🔸මෙම චිකිත්සා කර්ම වලදී බහුලව යොදා ගැනෙන ඖෂධ ලෙස, 

🔹 තෛල වර්ග

       – ශූලහර තෛලය

       – ලසුනෛරණඩ තෛලය 

       – පින්ඩ තෛලය 

       -නිර්ගුණඩි තෛලය 

       – වාත විදුරන්ග තෛලය 

       – බලාකෝරණඩ තෛලය 

       – මහානාරයන තෛලය

       – ප්‍රසාරණී තෛලය 

 🔹 ලේප වර්ග

      – දශාංග ලේප

      – රෝගිනී කාශ්

 🔹ක්ශාය වර්ග

      – රාස්නා පංචකය

      – රාස්නා සප්තකය

      – රාස්නා 18 

      – සිංහස්‍යපංචමූලී

      – ගන්ධර්ව හස්ත්‍යාදී

යන ඖෂධ රෝගියාගේ රෝගි අවස්තාව අනුව සලකා බලා වෛද්‍ය නිර්දේශය මත ප්‍රතිකාර සදහා යොදා ගත හැකියි.

🚩 ආයුර්වේද වෛද්‍යවරුන් , වෛද්‍ය ශිෂ්‍යයන් සහ පරිපූර්ණ දැනුමෙන් යුතු නිෂ්පාදකයන්ට මෙම ආයුර්වේද ඖෂධ නිවරදි මූලධර්මයන්ට අනුකූලව ඉහල ගුණාත්මක බාවයෙන් නිශ්පාදනය කිරීම හා නිවරදි නීති රෙගුලාසි වලට අනුකූලව වෙලද පොළට නිකුත් කිරීම තුලින් වැඩ ලෝකයට නව සාර්තක  ව්‍යවසායකයකු ලෙසද යොමු වීමට හැකියාව පවතී.

මේ අනුව ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නව ව්‍යවසායකයකු බිහි කිරීමටද මාර්ගයක් වනු ඇත.

 සුඛී දීඝායු….!!!

මූලාශ්‍ර – මාධව නිදානය

               භාව ප්‍රකාශය

               අන්තර්ජාලය

W.G.S. තරුෂිකා

Ayurveda medical student

You may also like

Leave a Comment