ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ කබඩි පිරිමි ශූරතාව අම්පාර දිස්ත්‍රික්කයට හා කාන්තා ශූරතාව යාපනය දිස්ත්‍රික්කයට….

by

34 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ ජාතික මට්ටමේ කබඩි කාන්තා/පිරිමි තරග පසුගිය දා මහරගම ජාතික තරුණ මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අවසන් වූ අතර, මෙහි කාන්තා අංශයේ ශූරතාව යාපනය දිස්ත්‍රික්කය විසින් දිනාගනිද්දී අනු ශූරතාව කුරුණෑගල දිස්ත්‍රික්කයට හිමි විය. තෙවැනි ස්ථානය කිලිනොච්චි දිස්ත්‍රික්කයට හිමි විය.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව මෙම ක්‍රීඩා උළෙල සංවිධානය කරනු ලබයි.

මෙහි කබඩි පිරිමි තරගයේ ශූරතාව අම්පාර දිස්ත්‍රික්කයට හිමි වූ අතර, අනු ශූරතාව කෑගල්ල දිස්ත්‍රික්කයට හිමි විය. තෙවන ස්ථානය වව්නියාව දිස්ත්‍රික්කයට විසින් දිනාගනු ලැබීය .

34 වැනි ජාතික යෞවන ක්‍රීඩා අවසන් උළෙල නොවැම්බර් 16, 17, 18 හා 19 යන දින වල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

කවිඳු සමරවීර

You may also like

Leave a Comment