වසර පුරා හෝ වසරේ කිසියම් කාලසීමාවක් තුළ ජල බරිතව පවත්නා බිම් තෙත්බිම් ලෙස හඳුන්වනු ලබනවා. සෑම වසරකම පාහේ පෙබරවාරි 2 වැනි දින ලෝක තෙත්බිම් දිනය සමරනු ලබයි.2024 ලෝක තෙත්බිම් දිනය ‘තෙත් බිම් සහ මානව යහපැවැත්ම’ යන තේමාව කෙරෙහි අවධානය යොමු කර ඇත. තෙත්බිම් මිනිසුන්ට සහ ස්වභාවධර්මයට තීරණාත්මක ලෙස පිළිගනී, තෙත්බිම් පරිසර පද්ධතිවල සහජ වටිනාකම සහ තිරසාර සංවර්ධනයට සහ මානව යහපැවැත්ම සඳහා වන දායකත්වය ඇතුළුව ඒවායේ ප්රතිලාභ සහ සේවාවන් අවධාරනය කරයි.මිනිසුන්ට මෙන්ම සමස්ත ලෝකයාටම තෙත්බිම්බල වැදගත් කාර්යභාරයක් ඉටුවන බැවින් ඒ පිළිබඳව ගෝලීය වශයෙන් දැනුවත් කිරීමේ අරමුණ පෙරදැරි කොටගෙන කැස්පියන් වෙරළ තීරය පාදක කරගනිමින් ඉරාන නගරයේ 1971 පෙබරවාරි මස 2 වැනි දින රැම්සාර් තෙත් බිම් පිළිබඳ සම්මුතිය සම්මත වූ දිනය ලෝක තෙත් බිම් දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
තෙත්බිම් ප්‍රධාන වශයෙන් පාරිසරික වැදගත්කමකින් යුක්ත ඉහළ ජෛව විවිධත්වයක් සහ ඉතා පුළුල් පාරිසරික පද්ධතියක විසිරී පවතින සම්පතකි.
මෙම තෙත්බිම් අභ්‍යන්තර, වෙරළබඩ ,මිනිසා විසින් සාදන ලද වශයෙන් විවිධාකාරව පවතී අභ්‍යන්තර තෙත්බිම් ලෙස වගුරු බිම් ,විල් ගංගා ආදිය දැක්විය හැකිය ඊට අමතරව මිනිසා විසින් සාදන ලද කුඹුරු සහ ලුණු ලේවායන් ද වේ.මෙම තෙත්බිම් මගින් කුණාටු ජල ආරක්ෂණය, ගංවතුර පාලනය ,ජල තත්ත්ව සංරක්ෂණය ,ඛාදනය වළක්වාලීම මිරිදිය හා සාගර එමෙන්ම අනෙකුත් සතුන් සඳහාද නවාතැන් සැපයීම වැනි කාර්යයන් රැසක් ඉටු කරනු ලබයි.
තෙත්බිම් ආශ්‍රිතව සැලසුමකින් තොරව සිදුකරන විවිධ ඉදිකිරීම්, ගොඩකිරීම් ,කසල අවිධිමත් ලෙස බැහැර කිරීම් ,අනවසර ගිනි තැබීම්,වැනි මිනිස් ක්‍රියාකාරකම් හා දේශගුණික විපර්යාස නිසාම මෙම තෙත්බිම් විනාශ වීමේ අවදානමට මුහුණපා තිබේ. පරිසර පද්ධති වල වටිනාකම අවබෝධ කරගෙන මතු පරම්පරාවට මෙවැනි සම්පත් සංරක්ෂණය කරලීම සියල්ලන්ගේම යුතුකමක් ලෙස සලකමු.