මෙය ලියන විටත් පසුගිය සෙනසුරාදා (ඔක්තෝම්බර 07) එල්ල වු හමාස් ප්‍රහාර හමුවේ ඊශ්‍රායල භූමියේ මියගිය ඇමෙරිකානු ජාතීකයන් හා විදේශිකයින් ඇතුළු ඊශ්‍රායල ජාතිකයින් සංඛ්‍යාව නිශ්චිතව සඳහන් කල නොහැකි තරම්ය. මීට පෙර වසර 50ක කාලයක් තුළ ඊශ්‍රායලය අත්විඳි බරපතලම පලස්තීනු ප්‍රහාරය ලෙස මෙය සලකනු ලබයි. ඉතාමත්ම දියුණු තාක්ෂර්‍ණක මෙවලම් හා සංවිධානාත්මක ව්‍යුහයන් ඇතැයි සැලනෙක ඊශ්‍රායලයට මෙවැනි දැවැන්ත ප්‍රහාරයක් දියත් කිරීම සඳහා හමාස් ප්‍රහාරකයින් ඇතුළු වුයේ කෙසේද යන්න පිලිතුරු නොමැති ප්රශ්නයකි.එමඟින් විටෙක සිතෙනුයේ ඊශ්‍රායලයද කියන තරම් දක්ෂ නොවන බවද?
නමුත් මෙම හමාස් කඩා වැදීම ඊශ්‍රායලයට සිදු කළ හානිය ඔවුන්ගේ ප්‍රතිරුපයට කැලළකි.මෙතෙක් ඊශ්‍රායලයේ ආරක්ෂක සේවාවන්හි ප්‍රධාන අණ දුන් නිලධාරීයා පවා පවසනුයේ හමාස් ත්‍රස්තයින් මෙවර ලොකුම පාඩම ඉගෙන ගන්නා බවය.එබැවින් ඉදිරියේ තව තවත් ජීවිත විනාශ වන බවට කිසිදු සැකයක් නැත. අවුරුදු 75ට වැඩි කාලයක් ඔවුන් පැමිර්ණයේ එවැනි අනවශ්‍ය ජීවිත හා සමාජ වත්කම් විනාශ සමඟින්ය. ඉවසීමේ රතු කට්ට කුඩු වී මෙවර හමාස් ප්‍රහාරය දියත් විය.සරලවම එය ඊශ්‍රායල රාජ්‍යයට හා යුරෝපා ඇමෙරිකානු බලහත්කාරයට එරෙහි ප්රතිචාරයකි.
හමාස් කවුද ?
හමාස් සංවිධානය බිහි වනුයේ 1980 වසරේය. පලස්තීනයේ සිටි විශිෂ්ට පාලකයෙකු වන මියගිය යසර් අරෆත්ගේ පලස්තීන විමුක්ති සංවිධානය (පීඑල්ඕ) මෙම හමාස් සටන්කාමීන්ගේ නිර්මාණයට මුල සිටම විරුද්ධව සිට ඇත.නමුත් බොහෝ දෙනෙකු විශ්වාස කරනුයේ අරෆත්ගේ පී.එල්.ඕ සංවිධානයට ප්රතිවිරුද්ධව නැගී සිටිය හැකි ලෙස හමාස් සංවිධානය නිර්මාණය කිරීම පිටුපස ඊශ්‍රායලය සිටි බවය. එමෙන්ම මෙම හමාස් සටන්කාමීන් නිර්මාණය කිරීමේදී ඊශ්‍රායලය සැලැකිය යුතු කාර්ය භාරයක් ඉටු කළ බවටද සඳහන් වුණත් ඊශ්‍රායලය එම චෝදනාවන් හා මතයන් ප්‍රතික්ෂේප කර තිබේ.පී.එල්.ඕ මෙන් නොව හමාස් සංවිධානය ඊශ්‍රායලයට පැවැත්මක් ඇති බවට පිළිනොගන්නා කණ්ඩායමකි. හමාස් සංවිධානයේ ලාංඡනයෙන් පවා ඇත්තේ ජෙරුසලමේ ඇති පූජනීයම ස්ථානයක් වන කන්ද මත ඇති ගෝලාර්ධයාකාර දේවස්ථානය වන අතර ඊශ්‍රායලයට නැගෙනහිර ඉවුරේ ඇති ගාසා තීරය සහ බටහිර ඉවුරේ ඇති පලස්තීනය එකම රටක් ලෙස ඔවුන් දැඩිව විශ්වාස කරති.
ගාසා තීරය යනු කුමක්ද ?
ගාසා තීරය යනු ඊශ්‍රායලය ඊජිප්තුව හා මධ්‍යධරණී මුහුද අතර පිහිටි කිලෝමීටර 41ක් දිග කිලෝමීටර 10ක් පළල භූමි ප්රදේශයකි. එහි මිලියන 2.3ක පමණ ජනතාවක් වෙසෙන අතර එය ලෝකයේ ඉහළ ම ජනගහණ ඝනත්වයක් ඇති ප්‍රදේශවලින් එකකි.ඊශ්‍රායලය ගාසා තීරයේ වෙරළ තීරය හා ගුවන් අවකාශය පාලනය කරන අතර එහි දේශසීමා හරහා ඇතුළු වීමට හා පිටතට යාමට අවසර දෙන්නේ කාට ද හා කුමකටද යන්න සීමා කරයි. ඒ හා සමානව, ඊජිප්තුව ගාසා තීරයේ මායිම හරහා ඇතුළු වන සහ පිටවන පිරිස් පාලනය කරයි.
හමාස් සංවිධානය හා ඊශ්‍රායලය සටන් කරන්නේ ඇයි?
ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර නිතර ආතතියම තත්වයක් පැවතුණ ද එම සටන්කාමීන් එල්ල කළ මෙම ප්‍රහාරය අනතුරු ඇඟවීමකින් තොරව සිදුවිය. හමාස් සංවිධානය ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර දහස් ගණනක් එල්ල කළ අතර සටන්කාමීහු විශාල ගණනක් දේශසීමා හරහා අනවසරයෙන් ඇතුළු වී ඊශ්‍රායල ගම්මාන ආක්‍රමණය කර සිවිල් වැසියන් රැසක් මරා දමා තවත් පිරිසක් ඔවුන්ගේ ග්‍රහණයට ගත්හ.ගාසා තීරයේ සටන්කාමීන්ගේ කඳවුරු ඉලක්කකර ගත් බව පවසමින් ඊශ්‍රායලය වහා ගුවන් ප්රහාරද දියත් කළහ.
නමුත් මේ රටවල් දෙකේම ජීවත් වනුයේ මනුෂ්‍යයෝ. ඒ ගාසා වැසියන්ද ඊශ්‍රායල වැසියන්ද, බටහිර ඉවුරේ වැසියන්ද යන්න වැදගත් නැත. කෙසේ වුවත් මෙම ප්‍රශ්නෙට දේශපාලන විසඳුමක් ඉතා ඉක්මනින් අවශ්‍යය. එක් අතකින් දැනට ඊශ්‍රායලයේ භූමියෙන් කොටසක් පලස්තීනුවන්ට ලබාදෙන්න අවශ්‍යය. පසුව වෙන් වෙන්ව රටවල් 02ක් ලෙස ප්‍රකාශයට පත් කළ යුතුයි. රටවල් 02කට මෙම භුමිය ප්‍රමාණවත් නොවේ නම් විශේෂයෙන් අසල්වැසි රටවල් මේ සම්බන්ධව පරිත්‍යාගශීලි වීමද වැදගත්ය. මන්ද අතීතයේ මේ අසල්වැසි රටවල් සියල්ල පලස්තීන ජනතාව පිළිබඳ බොහෝ අනුකම්පාවෙන්නේ එකතුව යුද්ධ කර ඇත.එම අනුකම්පාව සැබෑ අනුකම්පාවක් ද යන්න ඔප්පු කළ හැක්කේ මෙලෙස පරිත්‍යාගශීලිව තමන්ගේ භූමියෙන් කොටසක් පරිත්‍යාග කළහොත් පමර්‍ණ.