ආසියානූ කුසලානයට පෙර ක්‍රිකට් ශ්‍රේණිගත කීරීම් වල ශ්‍රී ලංකාව පසු වූයේ නව වන ස්ථානයේ බව ඔබට මතක ඇතැයි මම සිතමි.ආසියානූ ශූරතා පළමු තරගාවලියේදී ඇෆ්ගනිස්තානයෙන් පහර පිට පහර කෑ මුත් අවසානයේ අරාබි කතරේදී ආසියානූ ශූරතාවය තමන් සතු කරගෙන ජයපැන් බීමට අපේ සිංහයන් සමත් විය.
මේ කතාව ආසියානූ කුසලානය ගැන නම් නොව,ලෝකවාසී ජනයාගේ දෑස් මේ වන විට ඇඳ බැඳ තබාගැනීමට සමත් වී ඇති ලෝක කුසලානයට සහභාගි වී සිටින අපේ සිංහයන් ගැනය.
පළමු තරගයේදීම නෑම්බියානූ ක්‍රීඩකයන් හමුවේ පරාජය වීමට සිදු වුවද ඉන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යටත් නෙදර්ලන්ත කණ්ඩායමටත් එරෙහිව ප්‍රබල ජයක් ලබාගනිමින් අවසන් දොළොස් දෙනාගේ වටයට සහභාගි වීමේ වරම් හිමි කරගැනීමට අපේ සිංහයන් සමත් වන්නේ කණ්ඩායමේ ප්‍රබලතම පන්දු යවන්නන් දෙදෙනෙකුද අහිමි කර ගනිමිනි.
එවන් දුශ්කරතා රැසක් හමුවේ සුපිරි දොළොස් දෙනාගේ වටයේ ප්‍රථම තරගයේ ජය තමා සතු කරගැනීමට ශ්‍රී ලංකාව සමත් වූයේ අයර්ලන්තයට එරෙහිව පැවති තරගය ජයග්‍රහණය කරමිනි.
කෙසේ වෙතත් දෙවන තරගය ලෙස ගියවර ලෝක ශූරතාවය දිනූ මෙවර සත්කාරක රට වන ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරගය කඩුලු 07කින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය.
නුහුරු නුපුරුදු දේශගුණික තත්වයක් තුල ඕස්ට්‍රේලියාව වැනි වේග පන්දු යවන ක්‍රීඩකයන් හමුවේ ලකුණු 157ක් වාර්තා කිරීමද එක් අතකින් බැලූ කළ ජයග්‍රහණයකී.මන්ද යත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල පන්දු යවන්නන් දෙදෙනෙක් ඇතුලු සිව් දෙනෙක් කණ්ඩායමෙන් ඉවත්කර ඇති පසුබිමක ලෝක කුසලානය හබා යන අපේ සිංහයන්ට අප හදවතින්ම සුභ පැතිය යුතුමය.
තවත් ඉතිරිව ඇත්තේ තරඟ කිහිපයක් පමණි. මේ පුන්චි රටේ නම බබළවන අපේ වීරයන් අවසන් මහා තරඟය තෙක් සටන් වැද ජයග්‍රහණය කරන තෙක් දෙනෝ දහසක් ජනතාව මග බලාගෙන සිටී.
අවසාන වශයෙන් දහසකුත් කරදර මැද සිටින ශ්‍රී ලාංකේය ජනතාවගේ මුවගට සිනාවක් ගෙන ඒමට දහසකුත් එකක් කරදර මැද වෙරදරන ආදරණීයම ක්‍රිකට් කණ්ඩායමට මා මගේ මුලු හදවතින්ම සුභ පතන්නෙමි..