නෙත්සර අශේන් හේවගේ.

නෙත්සර අශේන් හේවගේ

පුද්ගලයකුගේ සිතෙහි තෙරපෙන ආත්මීය හැගීම් , කලාව තුළින් සමාජයට මුදාහරිනවා. එවැනි කලාකාමි හැකියාවන් හැමෝටම පිහිටන්නේ නෑ. ඔවුන් ඒ හැකියාවන් ඔප්නංවමින් සාර්ථක නිර්මාණ බිහිකරනවා. ඒ වගේම තමයි ඒ නිර්මාණවල වටිනාකම රදා පවතින්නේද නිර්මාණකරුවාගේ හැකියාව වටිනාකම මතයි. එවැනි කලාත්මක ඇසකින් ලෝකයට තම හැකියාවන් අරගෙන යන්න උත්සහ කරන තරුණ නිර්මාණකරුවෙකු අපට හමුවුනා. ඉතින් මේ අපූරු කලානිර්මාණ පිළිබඳව කතා කරන්න “පවුර” අපිත් සමග එකතුවන ඔහු නමින් නෙත්සර අශේන් හේවගේ.

  1. ඉතින් අශේන් කොහොමද? මේ දවස්වල මොකද වෙන්නේ ?
    රටේ ප්‍රශ්ණත් එක්ක බැලූවම තාම නම් හොදින් ඉන්නවා . මේ දවස්වල මගේ ඉගෙනීමේ කටයුතු කරගන්න ගමන්ම මගේ ව්‍යාපාරයත් සාර්ථකව කරගෙන යනවා.
  2. අශේන් හේවගේ කියන්නේ කවුද ? කෙටි හැදින්වීමක් කළොත් ?
    අශේන් කියන්නේ සරලව ජිවත්වෙන කොල්ලෙක්. මම දැනට ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ ජනසන්නිවේදනය වි‌ශේෂවේදී උපාධිය හදාරන ගමන් තමයි ඉන්නේ.
  3. ඔබව අපට හමුවන්නේ චිත්‍ර ශිල්පියෙක් විදියට හැබැයි ඒ කලාවේ විශේෂත්වයක් තියනවා මන් හරි නේද? ඒ ගැන කිව්වොත් ?
    ඔව්. කලාව කිව්වම ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම මිනිස්සු කැමැති දෙයක්. ඒ අතර චිත්‍ර කලාව විශේෂයි. මොකද චිත්‍ර කියන්නේ මිනිස්සුන්ගේ හැගීම් හුවමාරු කර ගන්න ප්‍රභල මාධ්‍යක් විදියට තමයි මන් දකින්නේ. මේ චිත්‍ර කලාව ඇතුලෙත් එක එක විදියේ කලාවන් තියෙනවා. ඉතින් ඒ අතරින් මන් නිර්මාණය කරන්නේ තාම ලංකාවේ එතරම් ප්‍රසිද්ධියක් නැති නමුත් යුරෝපීය රටවල් අතර ජනප්‍රිය චිත්‍ර කලාවක්. දකින කෙනෙක්ට කියන්න පුලූවන් මේ නිර්මාණ කරන එක මහලොකු දෙයක් නෙවෙයි කියලා. ඒත් පාට දියසායම් පාට පැන්සල් යොදා ගෙන චිත්‍ර අදිනවා වගේ මේ චිත්‍ර නිර්මාණය කරන්න ඇත්තටම කියන තරම් ලේසි නෑ.
    මේ චිත්‍ර Wood Burning Art නැත්නම් දැව පිළිස්සුම් නිර්මාණ කියලා තමයි හදුන්වන්නේ. මේ නිර්මාණ කරන්නේ ලී පෘෂ්ඨයක් මත රත් වූ ලෝහයක් හෝ ඒ හා සමාන උපකරණයක් යොදා ගෙන. ලීය පුලූස්සලා තමයි නිර්මාණය කරන්නේ.
  4. ඔබ මෙම කලා නිර්මාණයන් ව්‍යාපාරයක් ලෙසින් පටන් ගන්න විශේෂ වුණ හේතුවක් තියෙනව ද?
    මම මේ නිර්මාණ කරන්න පටන් අරන් ලොකු කාලයක් නෑ. විශේෂ හේතුවක් නම් නෑ ඉතින්. මම ඇත්තටම මේ නිර්මාණ කරන්න ගත්තේ ආසාවට . මගේ පළවෙනි චිත්‍රය මන් ඇන්දේ අත් කාචයකින් . මකරෙක්ගේ රූපයක් තමයි ඇන්දේ . එකෙන් පස්සේ මේ කලාවට තියෙන ආසාව හින්දම මන් නිතරම නිදහස් වෙලාවට නිර්මාණ කරන්න පටන්ගත්තා. එහෙම පටන් ගත්ත ගමන තමයි අද මම ව්‍යාපාරයක් විදියට කරගෙන යන්නෙ.
  5. අශේන් ඡායාරූප නිර්මාණවලට අමතරව ඔබ කරන නිර්මාණ ගැන කිව්වොත්?
    මන් දැනට උපන්දින සුබපැතුම්, බිත්ති සැරසිලි, නිල ලාංඡන, නාම පුවරු, විවිධ අලංකාර සිතුවම්, සතුන්ගේ රූප, මෝස්තර දේවල් තමයි කරන්නේ. තව Restaurant වල විවිධ පුවරු නිර්මාණය කරනවා. ඒ ආයතනවලින් ඉල්ලන විදියට කරලා දෙනවා.
  6. මේ නිර්මාණ කිරීමට භාවිතා කරන මෙවලම් හා යොදා ගන්නා දැව වර්ග මොනව ද?
    මන් කලින් කිව්වා වගේ මම මුලින්ම අත් කාචයකින් තමයි නිර්මාණ කරේ. ඊට පස්සේ මන් බවුත් එකක් (Soldering Iron) යොදා ගත්තේ. මීට අමතරව මෙම නිර්මාණ වෙනුවෙන්ම සැකසුණු උපකරණ තියෙනවා . ඉදිරියට එවත් යොදාගෙන නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා. දැව වර්ග කිව්වම සිනිදු මතුපිට පෘෂ්ඨයක් තියෙන ඕනිම ලීයක් මේකට යොදා ගන්න පුලූවන් . නැදුන් තේක්ක වගේ ලී තමයි මන් යොදා ගන්නේ.
  7. අශේන් ව්‍යාපාරයක් විදියට ඔබ මේ කලාව තෝරගත්තා. මෙතෙක් ආපු දුර සාර්ථක ද?
    ඔව් ඇත්තටම ලොකු සාර්ථකත්වයක් තියෙනවා . දැනටමත් මගේ මේ නිර්මාණවලට ප්‍රිය කරන, මිලදි ගන්න ලොකු පිරිසක් ඉන්නවා . ඉතින් කෙටි කාලයක් ඇතුලත මන් මේ ආපු ගමන සාර්ථකයි.
  8. කෙනෙකුට ඔබේ නිර්මාණයක් කරගැනීමට අවශ්‍යය නම් ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද ?
    මගේ Face Book Page එක Hewage Art Creations . මගේ දුරකතන අංකය ඒ වගේම E MAIL එක මේ හැම තොරතුරක්ම එකේ තියනවා. මගෙන් නිර්මාණයක් කර ගන්න කැමැති ඕනිම කෙනෙක්ට පුලූවන් ඒ හරහා මාත් එක්ක සම්බන්ධ වෙන්න.
  9. මෙම ව්‍යාපාරය තව දුරටත් දියුණු කර ගන්න ඔබ තුළ ඇති අනාගත සැලසුම් මොනවාද?
    ඔව් . අනාගත සැලසුම් කීපයක්ම තියෙනවා. මේ නිර්මාණ තාම ලංකාවේ අය අතර ජනප්‍රිය වෙලා නෑ . පැන්සල් සිතුවම් දියසායම් සිතුවම් කිව්වම ඕනිම කෙනෙක් දන්නවා. ඒත් Wood Burning Art කිව්වම සමහරු අහනවා ඒ මොනාද කියලා . ඉතින් ලෝකේ ප්‍රබලම රටවල් යුරෝපීය රටවල් වල අධික මිලකට මෙම නිර්මාණ අලෙවි වෙනවා. ඒ රටවල්වල මේ චිත්‍රවලට ලොකු වටිනාකමක් පිළිගැනීමක් තියෙනවා. ඉතින් ඒ වටිනාකම ලංකාව ඇතුලෙත් හදන්න ඕනි. මේ නිර්මාණ ලංකාවට පැමිණෙන සංචාරකයින්ට අලෙවි කරන්න මේ දවස්වල මන් වැඩ කරනගමන් ඉන්නේ. මන් හිතනවා මගේ උත්සහය සාර්ථක වෙයි කියලා .
  10. ඔබ මේ ව්‍යාපාරය මෙරට තුළ පමණක් ද නැතිනම් විදේශීය වෙළඳපොළ කරා රැගෙන යාමට අපේක්ෂා කරනවද ? ඔව් අනිවාර්යෙන්ම. මම ඒක කරනවා. ඒක මගේ හීනයක් කියලා කියන්නත් පුලූවන් .
  1. ඔබ මේ කරන්නේ ස්වයං ව්‍යාපාරයක්. අද අපේ රටේ රැකියා සොයමින් යන තරුණ පරපුරට මේ සම්බන්ධයෙන් යම් අදහසක් දුන්නොත් ?
    ලංකාව කියන්නේ තුන්වෙනි ලෝකයේ තවමත් සංවර්ධනය වෙමින් පවතින දුප්පත් රටක්. ආච්චි සීයාගේ කාලේ ඉදන්ම අපි මේක අහනවා. අපේ රටේ මිනිස්සු අතර ගොඩක් දක්ෂතා තියනවා. නමුත් මේ හැමෝම ජිවත් වෙන්නේ රාමුවකට කොටු වෙලා. ඒ කියන්නේ රජයේ රස්සාවක් කරන්න ඕනි . නැත්තම් වැඩක් නෑ. ඉතින් අර හැකියාවන් මරලා දානවා. ඇයි අපිට හිතන්න බැරි අපේම කියලා බිස්නස් එකක් පටන් ගන්න. පළවෙනි පාර දෙවෙනි පාර අසාර්ථක වෙයි. ඒත් උත්සහ කරනවනම් බැරි වෙන එකක් නෑ. මම කරන්නේ විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදනය උපාධියක් . ඒත් මම කරන ව්‍යාපාරය සිතුවම් නිර්මාණය . ගැලපෙන්නේ නැ තමයි. එත් දක්ෂතාවක් තියනවා නම් එක අතහරින්න එපා. ලංකාවේ අපි හිතන මේ දූපත් මානසිකත්වයෙන් ටිකක් ඈත් වෙලා ලෝකය දිහා බැලූවනම් විරැකියාව කියන වචනය අහන්න හම්බෙන එකක් නෑ. ඒ වගේම තමයි මේ වගේ කුඩා ව්‍යාපාරයන් කරන අයට අත දෙන්න හැකි පිරිසක් ලංකාවේ ඉන්නවා. ඇත්තටම එයාලගේ සහයෝගය ලැබෙනබෙ නම් ගොඩක් වටිනවා. ස්වයං ව්‍යාපාර කරන්න එතකොට මිනිස්සු පෙළබෙනබෙ.

ඉතින් අශේන් පවුර අපිත් එක්ක අද එකතු වුනාට බොහොම ස්තූතියි. ඔබේ ව්‍යාපාරය තවත් දියුණු වෙන්න කියලා පවුර අපි හදවතින්ම සුබ පතනවා.

ධනංජනී රූපසිංහ

You may also like

Leave a Comment