තාරුණ්‍යයේ ක්‍රීඩා හැකියාවන් උරගා බැලෙන සිව් දිග යා කෙරෙන මහා ක්‍රීඩා මංගල්‍යය ලෙසින් හැඳින්වෙන 34 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල මෙම 16,17,18,19 යන දිනවල කොළඹ සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
මේ සඳහා දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3000 ක පිරිසක් සහභාගී වෙති.ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරනු ලබන මෙම ක්‍රීඩා උළෙල වයස අවුරුදු 15 ත් 29 ත් අතර තරුණ තරුණියන් සඳහා වයස අවුරුදු 20 න් ඉහළ හා පහළ වශයෙන් තරග අංශ 02 ක් යටතේ පැවැත්වේ.
මෙම ක්‍රීඩා උළෙලේ මෙවර ඔලිම්පික් පහන දැල්වීම, 2023 ආසියානු තරගාවලිය 400×4 තෙවන ස්ථානය, 2023 ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 දෙවැනි ස්ථානය, 2022 ආසියානු චැම්පියන් තරගාවලිය, මීටර් 400×4 දෙවැනි ස්ථානය, ජාතික යෞවන ක්‍රීඩා උළෙල 2021 400×4 ප්‍රථම ස්ථානය, 2021 මීටර් 200 20 න් පහල ප්‍රථම ස්ථානය, 2021 20 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව සයුරි ලක්ෂිමා මෙණ්ඩිස් හා 2018 ජාතික පාසල් 110 කඩුලු ගැනීම ප්‍රථම ස්ථානය, 2019 ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ 110 කඩුලු පැනීම තරගයේ දෙවැනි ස්ථානය, 2019 රිලේ කාවල්(මිඩ්ල් රිලේ) ප්‍රථම ස්ථානය, 2021 ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ 110 කඩුලු පැනීම තරගයේ ප්‍රථම ස්ථානය, 2021 20 න් පහල මී 110 කඩුලු පැනීම 14:27 තරග වාර්තාව පිහිටා 2021 ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ 20 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා වූ බී.ඒ.එස්.කේ ඩයස් ක්‍රීඩකයා විසින් සිදු කරනු ලබයි.
මෙම ක්‍රීඩා උළෙලේ තරග අංශ දෙකෙහි දක්ෂතම ක්‍රීඩික ක්‍රීඩිකාවන් සිව්දෙනාට රු. 2,50000 බැගින්ද ශූරතාවය දිනාගනු ලබන දිස්ත්‍රික්කයට රු. 20,0000 ක්ද, අනුශූරතාවයට රු. 15,0000 ක්ද, තෙවන ස්ථානයට රු. 10,0000 ක්ද බැගින් හා කුසලානය බැගින් ද පිරිනැමීමට නියමිතය. මෙහි තරග වාර්තාවන් සඳහා රු. 10,000 ක් බැගින් ද ජාතික තරග වාර්තාවක් සඳහා රු. 50,000 බැගින් ද, කණ්ඩායම් තරග ශූරතාවයට රු 35,000 බැගින් ද, අනුශූරතාවයට රු. 30,000 බැගින් ද, තුන්වන ස්ථානයට රු 25,000 බැගින් ද පිරිනැමේ.
මෙම ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය නොවැම්බර් 16 දා ප.ව 3.00 ට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, ජාතික තරුණ සේවා සභාවේ තරුණ සේවා අධ්යක්ෂ ජනරාල්/සභාපති පසිඳු ගුණරත්න මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර, සමාප්ති උළෙල 19 දා ප.ව 3.00 ට, ගරු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් හා මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.