34 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000 කගේ සහභාගීත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේදී පසුගිය 16 දා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ජාතික තරුණ සේවා සභාවේ තරුණ සේවා අධ්යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ විය.
මෙහි ඔලිම්පික් පහන දැල්වීම, 2023 ආසියානු තරගාවලිය 400×4 තෙවන ස්ථානය, 2023 ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 දෙවැනි ස්ථානය, 2022 ආසියානු චැම්පියන් තරගාවලිය, මීටර් 400×4 දෙවැනි ස්ථානය, ජාතික යෞවන ක්‍රීඩා උළෙල 2021 400×4 ප්‍රථම ස්ථානය, 2021 මීටර් 200 20 න් පහල ප්‍රථම ස්ථානය, 2021 20 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව සයුරි ලක්ෂිමා මෙන්ඩිස් හා 2018 ජාතික පාසල් 110 කඩුලු ගැනීම ප්‍රථම ස්ථානය, 2019 ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ 110 කඩුලු පැනීම තරගයේ දෙවැනි ස්ථානය, 2019 රිලේ කාවල්(මිඩ්ල් රිලේ) ප්‍රථම ස්ථානය, 2021 ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ 110 කඩුලු පැනීම තරගයේ ප්‍රථම ස්ථානය, 2021 20 න් පහල මී 110 කඩුලු පැනීම 14:27 තරග වාර්තාව පිහිටා 2021 ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ 20 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා වූ බී.ඒ.එස්.කේ ඩයස් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් සිදු කරන ලදි.
මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී විජේසිරි, ජනාධිපති තරුණ කටයුතු අධ්යක්ෂ රන්දුල අබේධීර, සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ ජනරාල් ලාල් චන්ද්‍රසිරි, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ආර්.එස් වික්‍රමරත්න යන මහත්වරුන් සහභාගී විය.