ලොව පුරා වනජීවී දිනය මාර්තු 3 වන දින සමරනු ලබන අතර , වන ජීවී සංරක්ෂණයේ වැදගත්කම සහ වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂ ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය අරමුණු කොටගෙන තිබේ. ලෝක වන ජීවී දිනයට සෑම වසරකම පාහේ තේමාවක් පවතී.2024 වර්ෂයේ තේමාව වී තිබෙන්නේ ” මිනිසුන් සහ ග්‍රහලෝකය සම්බන්ධ කිරීම : වනජීවී සංරක්ෂණයේ ඩිජිටල් නවෝත්පාදනය ගවේෂණය කිරීම යන්නයි.”මෙය තුළ වන සතුන් පිළිබඳව අවබෝධය දියුණු කිරීම, ඔවුන්ගේ ගහණය නිරීක්ෂණය කිරීමට මෙන්ම වඳවීයාමේ තර්ජනයට මුහුණ පා සිටින සත්ත්ව විශේෂ සහ ඔවුන්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීම සඳහා නව විසඳුම් සම්පාදනයට තාක්ෂණය උපයෝගී කර ගැනීම මෙහිදී අවධානය යොමු කොට තිබේ.
ලෝක වනජීවී දිනයේ ඉතිහාසය ගත් කල,
ලෝක වනජීවී දිනය 2013 දෙසැම්බර් 20 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් පිහිටුවන ලද්දේ ලෝකයේ වන සතුන් සහ ශාක පිළිබඳව සැමරීම සහ දැනුවත් කිරීම සඳහා ය. 1973 දී වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වන සත්ත්ව හා වෘක්ෂලතා විශේෂවල ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතිය (CITES) අත්සන් කිරීම සැමරීම සඳහා මාර්තු 3 වන දිනය තෝරා ගන්නා ලදී , එය වන සතුන් සහ ශාක පිළිබඳ ජාත්‍යන්තර වෙළඳාම තර්ජනයක් නොවන බව සහතික කිරීම අරමුණු කරගත් ජාත්‍යන්තර ගිවිසුමකි.
මෙහි වැදගත්කම ලෙස වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂ සහ ඔවුන්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීමට පියවර ගත හැකි අතර වන ජීවීන් මුහුණ දෙන තර්ජන පිළිබඳව දැනුවත් කිරීම මගින්, ලෝක වනජීවී දිනය සංරක්ෂණ ප්රයත්නයන් සඳහා සහයෝගය බලමුලු ගැන්වීමට සහ අනාගත පරම්පරාව සඳහා අපගේ පෘථිවියේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට උපකාරී වන තිරසාර භාවිතයන් ප්‍රවර්ධනය කිරීමට උපකාරී වේ.