පා ගමනින් රට වටේ යාමේ අරමුණින් පසුගිය 13 වැනිදා බේරුවල නගරයෙන් ගමන් ආරම්භ කළ තරුණ යූ ටියුබ්කරුවෙකු වන සහ්මි ෂහීඩ්ගේ පා ගමන ඉතාමත් සාර්ථක අන්දමින් අද 18 වන දිනය පසුකරමින් මේ වන විට ඕට්ටමාවඩි වාගරයි ප්‍රදේශය දක්වා පා ගමනින්ම ළඟා වී ඇත.
බේරුවලින් ගමන් ආරම්භ කර රට වටේම පා ගමනින් ගොස් නැවත බේරුවලින්ම ගමන් අවසන් කිරීමට ඇති දුර කිලෝමීටර් 1500කට අධික දුර ප්රමාණයකි. මොහු මේ දුර ප්‍රමාණය පා ගමනින්ම යාමට තීරණය කර ඇති අතර මේ වන විට මේ ගමනේ අඩක් පමණ ඔහු අවසන් කර ඇත.
ඔහුගේ මේ පාගමන පිළිබදව නිරන්තර යාවත්කාලීන කිරීම් ඔහු ඔහුගේ යූ ටියුබ් චැනලය සහ ටික්ටොක් හරහා සිදුකරනු ලබන අතර ඔහුගේ ඉදිරි ගමන් මාර්ගයද ඔහු සදහන් කරයි. මොහු ගමන් ගන්නා මාර්ගය අසල සිටින සිංහල,දමිළ,මුස්ලිම්,කිතුණු ජනයාගෙන් මොහුට අති විශිෂ්ඨ අන්දමක ආදරයක් වගේම උණුසුම් පිළිගැනීමක් ලැබෙනවා සමාජ මාධ්‍ය තුලින් දකින්නට ඇත.
තද අව් රශ්මියත්, අධික වෙහෙසකර බවකිනුත් යුතු මේ ගමන ඔහු තම ආත්ම විශ්වාසයෙන් යුතුව දිනෙන් දින ඉදිරියටම ගමන් කරන්නේ මේ ගමනේ අවසානය ගමන ආරම්භ කළ බේරුවලින්ම අවසන් කිරීමටයි.
මේ වන විට දිස්ත්‍රික්ක/පළාත් ගණනාවක් පසුකරමින් ඔහු මේ ගමනේ අවසානය දක්වා කෙමෙන් කෙමෙන් පැමිණෙමින් සිටියි.. මේ වන විට සමාජ මාධය තුලද මොහු වෙනුවෙන් ප්‍රබල යූ ටියුබ්කරුවන් මොහුගේ මේ වීර ක්‍රියාව සම්බන්ධයෙන් අදහස් පලකරමින් මොහු ගමන් ගන්නා ප්‍රදේශවල සිටින ජනතාවට මොහුට ශක්තියක් වන ලෙසද ඉල්ලා සිටිමින් මොහුගේ මේ ගමනට සුභාශිංසන එකතු කරයි.
ඒ වගේම මෙම ගමන සාර්ථකව නිම කිරීමට සහ සහ්මිගේ ඓතිහාසික ජයග්‍රහණයේ වගකීම බේරුවල සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු සහ සිමි හෝල්ඩින් (පුද්ගලික සමාගම) හි නිර්මාතෘ අල්හාජ් ඉජ්ලාන් යූසුෆ් විසින් භාර ගැනීම මෙහි දී විශේෂත්වයකි.
සියලූ දෙනාගේ අශිර්වාදයෙන් සහ ඔහුගේ ආත්ම ශක්තියෙන් මේ ගමන ඔහුට සාර්ථකව අවසන් කිරීමට හැකිවේවායි යන්න ශ්‍රී ලාංකික අප හැමගේ ප්‍රාර්ථනයයි
මිත්‍රයා සහ්මී…. ඔබට ජය.