ජාතික තරුණ සේවා සභාව, ගම්පහ දිස්ත්‍රික් පා පැදි සංගමය හා ෆ්ලයින් විල් පාපැදි සමාජය එක්ව
ශ්‍රී ලංකා පා පැදි සම්මේලනයේ අධීක්ෂණය මත පවත්වනු ලබන ” තාරුණ්‍යයේ නිදහස් පාපැදි තරඟය” මෙම 04 දා පෙ.ව 9.30 ට වත්තල සෙලාන් බැංකුව ඉදිරිපිටින් ආරම්භ කොට, වත්තල පොලිසිය, මහ බාගේ, වැලිසර, මහභාගේ හන්දිය, වැලිසර රෝහල, නාගොඩ හන්දිය, කඳාන හන්දිය, විදුලි ආලෝක සංඥා කණුව, ශ්‍රී ලංකා පොලිසිය කඳාන,
ජා ඇල නගර සභා නාම පුවරුව, ජා ඇල දුම්රිය ස්ථාන පාර, ජා ඇල පොලිසිය අසල පාලම, තුඩැල්ල හන්දියෙන් වමට හැරී පටු පාලම, බෝපිටිය හන්දිය, ශ්‍රී ලංකා පොලිසිය පමුණුව, පමුණුව හන්දියෙන් වමට හැරී, කඩතොළු සහිත තනි තීරුව ඔස්සේ පැමිණ, උස්වැටකෙයියාව පන්සල ගොඩිකන්ද, කඩතොළු සහිත පාර හා පටු පාලම පසු කොට, මාර්ග බාධකය හරහා පටු පාලම, ඇලකන්ද හන්දිය, සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල අසලින් වමට හරවා මට්ටක්කුලිය හන්දිය, පටු පාලමෙන් මීගමුව පාරට වමට හරවා වත්තල සෙලාන් බැංකුව ඉදිරිපිටින් වට 04 ක් කි.මි 136.8 ක් ගමන් කිරීමට නියමිතය.
මෙහි ප්‍රථම ත්‍යාගය සඳහා රු. 150,000.00 ක් ද, දෙවන ස්ථානයට රු. 100,000.00 ක් ද, තෙවන ස්ථානයට රු. 75000.00 ක් ද, සිව්වැනි ස්ථානයට රු.50000.00 ක් ද, 20 වැනි ස්ථානය දක්වා මුදල් ත්‍යාග ද මෙම මුදල් ත්‍යාගයන්ට අමතරව ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන දිනාගනු ලබන ක්‍රීඩකයින් හට කුසලානයන්ද, ප්‍රථම ස්ථානයේ සිට 20 වන ස්ථානය දක්වා ජයග්‍රාහකයින් හට සහතික පත් ද පිරිනැමේ.