2024 වර්ෂයේ පළමු අධ්‍යයන වාරය සදහා දිවයින පුරා පිහිටි ජාතික තරුණ සේවා සභාවේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 58ක පවත්වනු ලබන වෘත්තීය හා භාෂා පාඨමාලාවන්ට පුහුණු අභ්‍යාසලාභීන් බදවා ගැනීම 2023.12.15 දින සිට 2024.01.15 දින දක්වා සිදුකරනු ලැබේ.
මෙහි දී ඉංග්‍රීසි, දෙමළ, ජපන්, ප්‍රංශ සහ කොරියන් භාෂා පාඨමාලාවන් සහ මානව සම්පත් කළමණාකරණය, පතොරම් සහිත ඇදුම් කැපීම සහ මැසීම, අත්කම්, පෙර පාසල් ගුරු, මෝටර් රථ කාර්මික ශිල්පී, රූපලාවන්‍ය සහ කොණ්ඩා කැපීම, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය, පරිගණක චිත්‍රක නිර්මාණකරණය ඇතුළු පූර්ණ කාලීන පාඨමාලා 35ක් හා අර්ධකාලීන පාඨමාලා 72ක් සදහා වයස අවුරුදු 15 – 25 අතර වයස් කණ්ඩායම්වල තරුණ තරුණියන් හට ලියාපදිංචි වීමට අවස්ථාව ලැබේ. තව ද අවුරුදු 15 – 35 අතර තරුණ තරුණියන්ට සති අන්තයේ සහ සන්ධ්‍යා කාලයේ පවත්වනු ලබන පාඨමාලාවන් සදහා ලියාපදිංචි විය හැකි අතර, එමගින් රැකියා හා උසස් අධ්‍යාපනය සදහා අවශ්‍ය න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබා ගැනීමට හැකිවනු ඇත. දිවයින පුරා පිහිටි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයන්හි පවත්වනු ලබන මෙම පාඨමාලාවන් සාර්ථකව අවසන් කරන අභ්‍යාසලාභීන්ට 2,3,4,5 යන නිපුණතා මට්ටම් වෙත ලගා විය හැකිය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ශ්‍රී ලංකාව පුරා පිහිටි තරුණ සේවා සභාවේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන මගින් හෝ www.nysc.lk වෙබ් අඩවියෙන් හෝ 0112 837083 අංකය අමතා මහරගම කාර්මික හා වෘත්තීය පුහුණු අංශයෙන් ලබා ගත හැකිය.