
76 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කෙරූ පෞරුෂ හා ආකල්ප සංවර්ධන වැඩසටහනක් පසුගිය (29) වන දින ජාතික තරුණ සේවා සභා ශ්‍රවනාගාරයේදී පොලිස් නිළධාරීන් , විශ්ව විද්‍යාල විද්‍යාර්ථයින් ඇතුළු තරුණ තරුණියන් 1500 ක් පමණ සහභාහීත්වයෙන් පැවැත්විය.


අභියෝගාත්මක කාලසීමාවක් පසු කරන ශ්‍රී ලංකාව, සංවර්ධනය කරා ගෙන යන ගමනේ තාරූණ්‍ය සවිබල ගැන්වීමේ දැවැන්ත පියවරක් ලෙස මෙම පෞර්ෂ හා ආකල්ප සංවර්ධන වැඩසටහන සංවිධානය කරන බවත් තරුණ පරපුරේ අනාගතය සුබවාදීව පරිවර්තනය කිරීම සදහා මෙය රට පුරාම සංවිධානය කිරීමට අපේක්ෂා කරන බවත් ජාතික තරුණ සේවා සභාවේ තරුණ සේවා අධ්යක්ෂ ජෙනරාල් / සභාපති පසිඳු ගුණරත්න මහතා සදහන් කළේය.


වැඩසටහන චාල්ස් තෝමස් මහතා විසින් මෙහෙය වූ අතර ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ,කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර , ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.මහේෂන් ඇතුළු පිරිස මෙම අවස්ථාව සදහා සහභාගී විය.



