ත්‍රිපුද්ගල ඝාතන, පංචපුද්ගල ඝාතන, වෙඩි තැබීම්, පිහි ඇනීම් යනු මේ දිනවල රුපවාහිනිය නරඹන හෝ සමාජ මාධ්‍ය තුළ සැරි සරන ඔබටත් මටත් නිතර දෙවේලේ දක්නට අසන්නට ලැබෙන මාතෘකාවන් වී ඇත. අතීතයේ කෙසේ වූවත් අද වන විට මෙවැනි පුවත් දෙකක් හෝ තුනක් නිසැකවම දිනකට අසන්නට ලැබේ. එසේම එය සාමාන්‍ය තත්වයක් බවට පත් වී ඇති ස්වරූපයක්ද හඳුනා ගත හැකිය. එම පුවත් දකින විට ඒ සියල්ලට පොදු ධර්මතාවය වී ඇත්තේ ක්ෂණික කෝපය, දේශපාලන පළිගැනීම් හෝ දීර්ඝ කාලීනව පවතින ආරවුල් බව පැහැදිලි කරුණකි.. ඒ කෙසේ වූවත් මිනිසුන් වන අපට තවත් පුද්ගලයෙකුගෙ ජීවිතය උදුරා ගැනුමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැත. එබැවින් මෙවන් තත්ව තව දුරටත් වර්ධනය වීම වලක්වා ගැනීමට කටයුතු කළ යුතු නොවේද?
මෙසේ සිදුවන අපරාධ රැල්ල වලක්වා ගැනීම කළ හැක්කේ ඊට මුහුණ දෙන පුරවැසියන් වන අපටම ය. එසේ නොවුන හොත් එහි මීළඟ ගොදුරක් බවට පත්වීමට ඔබට ද මට ද සිදු වෙනු ඇත. එසේම මෙවැනි තත්ව සඳහා නිසි පරිදි නීතිය ක්‍රියාත්මක වීම ද අත්‍යාවශ්‍ය කරුණකි. මෙවැනි තත්ව දිගින් දිගටම පැවතිය හොත් ඒ තුළින් සමාජයට සිදු වන්නා වූ බලපෑම පිළිබදව අප අද දිනය තුළ සිතිය යුතු ය.

මෙවැනි අපරාධ සිදු වීමට පුද්ගලයන්ගේ ආකල්ප හා මානසික තත්වයන් නිරන්තරයෙන් බලපානු ලබයි. ක්ෂණික කෝපය නිසා සිදු වන මරණ ඊට හොඳම උදාහරණයකි. මෙසේ සිදු වන අපරාධ බොහොමයක් ක්ෂණයකින් සිදු වූ ඒවා බව පැහැදිලි ය. එබැවින් මිනිස්සුන්ගේ ආකල්පම්ය වශයෙන් සංවිධානයක් සිදු කළහොත් ඒ තුළින් මෙම තත්ව යම්තාක් දුරකටහෝ මගහරවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එසේම මාධ්‍ය තුළින් මෙවැනි පුවත් නිරන්තරයෙන් මුදාහැරීම තුළින් සමාජය තුළ මිණී මැරුම්, අපරාධ අදිය සාමාන්යීකරණය වීමේ තත්වයක් ද නිර්මාණය විය හැකි ය. එනම් කලාතුරකින් මෙවැනි පුවත් දකින පුද්ගලයා තුළ ඒ පිළිබඳව පශ්චාත්තාපයක් හට ගත්ත ද නිතර දෙවේලේ එය දකින පුද්ගලයා තුළ එය සාමාන්යීකරණය වී යම් ගැටලුකාරී තත්වයකදී එම පුද්ගලයා ද මිණීමැරුමක් සිදු කිරීමට පෙලබෙන්නා වූ ඉඩකඩ ද මේ තුළින් නිර්මානය විය හැකිය. එ නිසා සමාජයට මෙවැනි තත්වයන් මුදා හැරීමේ දී එහි අන්තර්ගතය පිළිබඳව බොහෝ සෙයින් සැලකිලිමත් විය යුතු ය. අද දිනය තුළ අප මෙවැනි තත්ව යම්තාක් දුරකට හෝ මර්ධනය කර ගත හොත් මතු පරපුරට හෝ සුරක්ෂිත හෙට දිනක් නිර්මාණය කිරීමට හැකි වනු ඇත.
