ජාතික තරුණ සේවා සභාවත්, ජනාධිපති ලේකම් කාර්යාලයත්, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශය හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයත් එක්ව සංවිධානය කළ ස්මාර්ට් යූත් අලුත් අවුරුදු උළෙල 2024.04.28 දින ජාතික තරුණ මධ්‍යස්ථාන ක්‍රිඩාංගනයේදි දවස පුරා පැවැත්විය.
මෙහි විශේෂිතම තරඟ අංගය වු අවුරුදු කුමරා කුමරිය තේරීමේ තරඟය සදහා දිවයිනේ නන් දෙසින් අයදුම්පත් 700 කට අධික ප්‍රමාණයක් ලැබි තිබුණු අතර 2024 Smart youth අවුරුදු කුමරා සහ කුමරිය ලෙස ගම්පහ ඩිලාන් මියුරංග (වයස අවු 25) සහ මහරගම නිමන්ති එදිරිසිංහ (වයස අවු 22) කිරුළ පැළදු බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ තරුණ සේවා අධ්යක්ෂ ජනරාල් පසිදු ගුණරත්න මහතා පැවසිහ.
smart youth අවුරුදු කුමරා දෙවන ස්ථානය කොළඹ ඉෂාන් මදුරංග (වයස අවු 28) තෙවන ස්තානය කෑගල්ල එරංග සේනානායක (වයස අවු 26) හිමිකර ගත් අතර smart youth අවුරුදු කුමරිය දෙවන ස්ථානය පිළියන්දල ඩිනාලි ජයසංඛනි (වයස අවු 21) තෙවන ස්ථානය බදුල්ල ඉෂිනි තක්ෂිලා (වයස අවු 26) හිමිකරගන්නා ලදි.