34 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ බාස්කට් බෝල් පිරිමි ශූරතාව නාගරික තරුණයා දිස්ත්‍රික්කයට හා කාන්තා ශූරතාව යාපනය දිස්ත්‍රික්කයට….

by

34 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ ජාතික මට්ටමේ බාස්කට් බෝල් කාන්තා/පිරිමි තරග පසුගිය දා නුගේගොඩ ශාන්ත ජෝසොෆ් පිරිමි විද්‍යාලය හා කාන්තා විද්‍යාලය, කොළඹ නාලන්දා යන විද්‍යාල වල ක්‍රීඩාංගණ වලදී අවසන් වූ අතර, මෙහි කාන්තා අංශයේ ශූරතාව යාපනය දිස්ත්‍රික්කය විසින් දිනාගනිද්දී අනු ශූරතාව ගම්පහ දිස්ත්‍රික්කයට හිමි විය. තෙවැනි ස්ථානය රත්නපුර දිස්ත්‍රික්කයට හිමි විය.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව මෙම ක්‍රීඩා උළෙල සංවිධානය කරනු ලබයි.

මෙහි බාස්කට් බෝල් පිරිමි තරගයේ ශූරතාව නාගරික තරුණයා දිස්ත්‍රීක්කයට හිමි වූ අතර, අනු ශූරතාව ගම්පහ දිස්ත්‍රික්කයට හිමි විය. තෙවන ස්ථානය යාපනය දිස්ත්‍රික්කය විසින් දිනාගනු ලැබීය .

34 වැනි ජාතික යෞවන ක්‍රීඩා අවසන් උළෙල නොවැම්බර් 16, 17, 18 හා 19 යන දින වල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

කවිඳු සමරවීර

You may also like

Leave a Comment