34 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් 16 වැනි දා ආරම්භ වූ අතර එය එළඹෙන 19 වැනි දා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වේ. අද (18) පෙරවරුවේ සිට මලල ක්‍රීඩා තරග රැසක් පැවැත්වූ අතර එහි ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් හට සහතික පත්‍ර සහ ත්‍යාග ප්රදානය සිදුකෙරිණි. ක්‍රීඩා උළලේ දෙවන දිනය වූ ඊයේ දිනයේ නව තරග වාර්තා කිහිපයක් වාර්තා වීම සුවිශේෂී වේ.
2014 වර්ෂයේ දී අවුරුදු 20න් ඉහළ පිරිමි අංශයේ මීටර් 110 කඩුළු මතින් දිවීමේ තරගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ඩබ්ලිව්.කේ.එන්.වී. කුමාර 14.69ක දක්ෂතාවයක් දක්වා තැබූ වාර්තාව බිද දමමින් ඊයේ දිනයේ දී මූලික වටයේ තරගවලින් 14.07ක දක්ෂතාවක් දක්වා නව යෞවන ක්‍රීඩා වාර්තාවක් තැබීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ජනිදු ලක්ජය ක්‍රීඩකයා සමත් විය. ඊයේ දිනයේ ජනිදු තැබූ එම වාර්තාව අද ඔහු විසින්ම බිද දැමුවේ 13.72ක දක්ෂතාවක් දක්වමිනි.
අවුරුදු 20න් ඉහළ පිරිමි අංශයේ උස පැනීමේ තරග ඉසව්වේ දී ගාල්ල දිස්ත්‍රිකය නියෝජනය කළ එස්. පී.ටී. දසුන් ක්‍රීඩකයා මීටර් 2.15ක දක්ෂතාවයක් දක්වා නව තරග වාර්තාවක් පිහිටවනු ලැබීය. ඔහු බිද දැමුවේ 2014 වර්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ ඩබ්ලිව්.පී.ඒ.කේ. පතිරණ ක්‍රීඩකයා විසින් මීටර් 2.12 ක දක්ෂතාවක් දක්වා පිහිට වූ වාර්තාවයි.
තව ද අවුරුදු 20න් ඉහළ කාන්තා අංශයේ දුර පැනීමේ තරග ඉසව්වේ දී ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ කේ.කේ.ආර්.නිශාදි ක්‍රීඩිකාව මීටර් 6.10ක දක්ෂතාවක් දක්වා නව තරග වාර්තාවක් පිහිටවනු ලැබීය. ඇය බිද දැමුවේ 2018 වර්ෂයේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළ ඒ.ඒ. පුල්වංශ ක්‍රීඩිකාව විසින් මීටර් 5.96ක දක්ෂතාවක් දක්වා පිහිට වූ වාර්තාවයි.