ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව එක්ව ක්‍රියාත්මක කරණු ලබන පස් වන ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ පස් වන සැසිවාරය 2023 නොවැම්බර් මස 18 / 19 යන දිනවල කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටි පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්වේ.
2023 නොවැම්බර් 18 වන දින පෙ.ව 9.00 ට ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කරන අතර, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ සහභාගිත්වයෙන්, ජාතික තරුණ සේවා සභාවේ තරුණ අධ්යක්ෂ ජෙනරාල්/සභාපති පසිදු ගුණරත්න මහතාගේ ආරාධනයෙන් පැවැත්වෙන මෙවර සැසිවාරය “2024 අයවැය යෝජනා පිළිබඳ තරූණ්යයේ මතය ” සම්බන්දයෙන් විවාද කිරීමට නියමිත ය.