ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය , ජාතික තරුණ සේවා සභාව හා එක්ව සංවිධානය කරනු ලබන පස්වන ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ 4 වන සැසිවාරය 2023 ඔක්තෝම්බර් 28,29 යන දෙදින කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටි පරණ පාර්ලිමේන්තුවේ සභා ගර්භයේදී පැවැත්වේ
ඔක්තෝම්බර් 28 වන දින පෙ.ව.9.00 ට ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සහභාගිත්වයෙන් ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න මහතාගේ ආරාධනයෙන් පැවැත්වෙන මෙවර සැසිවාරයේදී ” අයවැය පිළිබඳව තාරුණ්‍යයේ මතය හා යෝජනා, දේශගුණික විපර්යාසයන්ට එරෙහිව තාරුණ්‍යයේ සැලැස්ම පිළිබඳව විවාද කිරීමට නියමිතය.
මෙවර තරුණ පාර්ලිමේන්තුව සඳහා දිවයිනේ සියලුම දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගි වීමට නියමිතය.