ශ්‍රී ලංකාවේ සංචාරයකට සහභාගී වූ ජපානයේ කෘෂිකාර්මික රාජ්‍ය අමාත්‍ය සුසුකි නොරිකාසු මහතා අද (20 ) උදෑසන ජාතික තරුණ සේවා සභාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
මෙහිදී ජපානයේ කෘෂිකාර්මික අමාත්‍යවරයා විසින් ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ සඳුන් පැළයක් රෝපනය කළ අතර ශ්‍රී ලාංකේය තාරුණ්‍ය නූතන කෘෂිකාර්මික ක්‍රමවේදය සදහා යොමුකිරීමට ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තරුණ සේවා සභාවේ නිළධාරීන් සමග සාකච්ඡාවක් ද පැවැත්විය.තවද ජාතික තරුණ සේවා සභාවේ පන්නල පුහුණු මධ්‍යස්ථානය, දොළුව තරුණ මධ්‍යස්ථානය හා මහරගම තරුණ මධ්‍යස්ථානයේ කෘෂිකාර්මික කටයුතු සහ මධ්‍යස්ථානයේ ජපන් භාෂා පුහුණු පාඨමාලාව පිළිබදව ද අමාත්‍යවරයාගේ අවධානයට ලක් විය.
ජාතික තරුණ සේවා සභාවෙ අධ්යක්ෂ ( සංවර්ධන ) රෂිත දෙළපොළ මහතා විසින් තරුණ සේවා සභාවේ කෘෂිකාර්ම සහ අනෙකුත් කටයුතු පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකළ අතර ජාතික තරුණ සේවා සභාවේ තරුණ සේවා අධ්යක්ෂ ජනරාල් / සභාපති පසිඳු ගුණරත්න , අධ්යක්ෂ පාලන මනුල චමල් පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සදහා සහභාගී වූහ.
කවිඳු සමරවීර ( දොඩන්ගොඩ සමූහ)