ජපන් කෘෂිකාර්මික නියෝජ්‍ය අමාත්‍යවරයා ජාතික තරුණ සේවා සභාවේ නිරීක්ෂණ චාරිකාවක.
ශ්‍රී ලංකාවේ සංචාරයකට සහභාගී වන ජපන් කෘෂිකාර්මික නියෝජ්‍ය අමාත්‍ය සුසුකි නොරිකාසු මහතා 2024/02/20 වන දින ජාතික තරුණ සේවා සභාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමට නියමිත බව ජාතික තරුණ සේවා සභාවෙ අධ්යක්ෂ / සභාපති පසිඳු ගුණරත්න මහතා සදහන් කළේය.
ශ්‍රී ලාංකේය තාරූන්‍ය නූතන කෘෂිකාර්මික ක්‍රමවේද සදහා යොමු කිරීමට ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සහ මේ වන විට ජාතික තරුණ සේවා සභාව ආරම්භ කර ඇති තරුණ ව්‍යවසායකයින් නගාසිටවීමේ වැඩසටහන් , පළතුරු සහ ආහාර භෝග විජලනය වැනි වැඩසටහන් ප්‍රවර්ධනය සදහා සහයෝගය ලබා දීම අරමුණු කර ගනිමින් සුසුකි නොරිකාසු මහතා මෙම නිරීක්ෂණ චාරිකාවට එක්වනු ලැබේ.