ඇත්තටම “ආදරය”කියන්නේ මොකක්ද? ඔයාට පුලුවන් ද ඒකට නිර්වචනයක් දෙන්න. ආදරයේ අර්ථය එකිනෙකාට වෙනස් වෙන්න පුලුවන්.සමහරුන්ට ආදරය රහ වෙනකොට තවත් සමහරුන්ට ආදරය තිත්ත වෙන්න පුලුවන්. ඒක තීරණය වෙන්නෙ අපි දැනට ආදරය ගැන දන්න සහ අත්දැකපු දේවල් මත. දැන් ආදරය රහයි කියලා කියන අය තව ටික කාලෙකින් ආදරය තිත්තයි කියන්නත් ආදරය තිත්තයි කියපු අය ආදරය රසයි කියන්නත් පුලුවන්.ඇත්තටම කොහොමද එහෙම වෙන්නේ?
මෙහෙම හිතලා බලන්නකෝ,ඔයාට මුණ ගැහෙනවා කෙනෙක් එයා ඔයාට ගොඩක් ආදරෙයි,ඔය දෙන්නා ගොඩක් සතුටින් ආදරයෙන් ඉන්නවා . ඒත් කාලයක් යද්දි එයා මොකක් හරි හේතුවක් නිසා ඔයාව දාලා යනවා.එතකොට ඔයාට තේරෙයි මෙච්චර කාලයක් ආදරේ සුන්දරයි කියලා හිතුවට ආදරේ කියන්නේ කොච්චර දුකක්ද කියලා.ආදරේ නිසා ගොඩක් දුක් වින්ද ඔයාට,ආයෙ මං කාටවත්ම ආදරේ කරන් නෑ කියලා හිතන් ඉදපු ඔයාට,ඔයාව ජීවිතේම කර ගත්තු කෙනෙක් හම්බුනා කියලා හිතන්නකෝ,එතකොට ඔයාටම තේරෙයි “ආදරය” කියන්නේ මහ පුදුම මායාවක් නේද කියලා.ඒක කොච්චර සුන්දර ද කියලා .
ආදරය කියන්නේ පපුව පසාරු කරගෙන යන අමුතුම හැඟීමක්.කාටවත්ම ඒක මොන වගේද කියලා වචනවලින් විස්තර කරන්න බැරුව ඇති .ඒ වගේම ආදරය එක එක වෙස් අරන් ජීවිත වලට එන්න පුලුවන් . සමහර රූප ළඟ,ඇස් ගාව,වචන ළඟ,හිනාව ඉස්සරහ අපේ හිත අපේ මුලු ආත්මයම නතර වෙන්න පුලුවන්.ඒ අයගෙන් ආදරේ හොයන්න පුලුවන් .ඒත් ඒ තැන් වලින් ආදරේ ලැබෙන්න හෝ නොලැබෙන්න පුලුවන් .හිතන්නකෝ ඔයාට ඒ ආදරය නොලැබුනා කියලා,එතකොට ඔයා දුක් වෙයි.මගේ හොදම හමුවීම මට අහිමි උනා.මං මහ පවුකාරියක්/පවුකාරයෙක් කියලා.ඒත් ඔයා එහෙම හිතන්නේ ඔයාගේ ජීවිතයට හරිම කෙනා මුණ ගැහෙනකම් විතරයි. ඒ නිසා ඔයත් හොදම කෙනා ළඟ නෙමෙයි හරිම කෙනා ගාව නවතින්න.
එතකොට ඔයාගේ ආදරෙත් හරි ලස්සන ආදර කතාවක් වේවි…